IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


බෙංගාල බොක්කේ සුළිකුණාටුව ඉන්දියාව දෙසට

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු පීඩන අවපාතය දෙසැම්බර් 2වැනි දින පැය 23.30 වන විට උතුරු අංෂාංශ 11.2° සහ නැගෙනහිර දේශාංශ 82.7° ආසන ප්‍රදේශයේ,යාපනයේ සිට කිලෝ මිටර් 330ක් පමණ ඊසාන දෙසට වන්නට පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

එය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇත.

මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් දියිනෙන් ඉවත්ට ගමන් කරමින් පවතී. දෙසැම්බර් 4 වන විට ඉන්දියාවේ  උතුරු තමිල්නාඩු වෙරළ තිරය දක්වා ගමන් කර ඉන්පසු එය උතුරු දෙසට ගමන් කර දෙසැම්බර් 5 වැනි දා වන විට දකුණු ආනද්‍ර ප්‍රයේශයේ වෙරළ තිරයෙන් ගොඩබිමට ඇතුළු වන බවට පලාපොරොත්තුවන බව ද කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

උතුරු - උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල අහස වළකුලින් බරව පවතිනු ඇත.

උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් වටින් විට වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකිය.

සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇතිවේ.

ඌව පළතෙත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පසු තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති වේත

උතුර,උතුර - මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට තද සුළං ඇති විය හැකිය.



අදහස් (0)

බෙංගාල බොක්කේ සුළිකුණාටුව ඉන්දියාව දෙසට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 458 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 461 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 415 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site