(අංජුල මහික වීරරත්න)

බූලි වලට තෙල් නිකුත් කළහොත් ඉන්ධන හල් වල බලපත්‍ර අහෝසි කරන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පැවැසීය.

බූලි වලට ඉන්ධන එකතු කිරීමක් දුටුවහොත් වහාම පොලිසිය දැනුවත් කරන ලෙස අප ජනතාවගෙන් ඉල්ලා සිටින බවද රාජකරුණා මහතා කීය.

රජයේ ප්‍රවෘත්තිය දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් රාජකරුණා මහතා මේ බව කීය.

එමෙන්ම බලපත්‍රයක් නොමැතිව නිවෙස් වල ඉන්ධන තබා ගන්න හැකියාවක් නැහැ. එය ඉතා අන්තරායකාරීයි.එලෙස කවුරුන් හෝ තෙල් රැස් කරනවා නම් ඊට අනීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා.ඊයේ දිනයේදී එවැනි පුද්ගලයන් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා යනුවෙන්ද රාජකරුණා මහතා කීය.