
(අංජුල මහික වීරරත්න)
මෝටර් වාහන (මත්ද්‍රව්‍ය) නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මහා මාර්ගයක මෝටර් වාහනයක් ධාවනය කරනු ලබන රියදුරෙකු විසින් මත්ද්‍රව්‍ය කිසිවක් ගෙන ඇති බවට පොලිස් නිලධාරියෙකු විසින් සැක කරනු ලබන අවස්ථාවක පරීක්ෂා කරනු ලැබීම සඳහා එම තැනැත්තා ආණ්ඩුවේ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කරනු ලැබීම නීත්‍යනුකූල විය යුතු බව මෝටර් වාහන පනතේ විධි විධාන යටතේ දක්වා තිබේ. එහෙත්, එකී නිශ්චය කිරීම සඳහා පරීක්ෂණයක් පවත්වනු ලැබිය හැකි ක්‍රමය සහ ආකාරයක්, මත් ද්‍රව්‍ය ගෙන ඇතැයි සලකනු ලැබිය යුතු මත්ද්‍රව්‍ය සාන්ද්‍රණයේ ප්‍රමාණය පිළිබඳව විධිවිධාන ඇතුළත් නියෝග නිකුත් කර නොතිබුණි.
එබැවින්, මත්ද්‍රව්‍ය භාවිත කොට රිය පදවනු ලබන රියදුරන් පරීක්ෂා කිරීමට හැකි වන පරිදි විධි විධාන ඇතුළත් කරමින් (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ විධි විධාන යටතේ 2025 අංක 01 දරන මෝටර් වාහන (මත්ද්‍රව්‍ය) නියෝය, අංක 2452/40 හා 2025-09-04 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එකී නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 ඔක්තෝබර් මස 08
1590
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1380
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බීලා වාහන එලෙව්වොත් දඬුවම් දෙන නීතිය විධිමත් කරයි