IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බිහිරි පිරිසකගේ කෝටියකටත් විදලා

(නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ සම්මේලනයේ සාමාජිකයින් පිරිසක් විසින් ලාභාංශ ලබා ගැනීමේ අරමුණින්  පෞද්ගලික ආයතනයක තැන්පත් කරනු ලැබූ රුපියල් කෝටියකට අධික මුදලක් පිළිබඳව විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ අද (28) කරුණු වාර්තා කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ ශ්‍රවණාබාධ සංගමයේ සභාපති අනිත් ජයවර්ධන මහතා විසිනි.

ශ්‍රී ලංකා බිහිවූ බිහි වූ වන්ගේ මධ්‍යම සම්මේලනයේ සාමාජිකයන් 48 දෙනෙකු ට අයත් රුපියල් එක්කෝටි හාර ලක්ෂ තිස් දෙදහසක මුදලක්  ලාභාංශ ලබා ගැනීමේ අරමුණින් "විස්කෝස් මෙටා" නමැති පුද්ගලික ආයතනයේ තැන්පත් කරනු ලැබේ ලැබ තිබූ බවත්, පසුව එම ආයතනය අදාළ ලාභාංශ ලබා නොදී විශ්වාසය කඩකර ඇතැයි කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තාකර ඇත.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවත්, ඊට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.



අදහස් (1)

බිහිරි පිරිසකගේ කෝටියකටත් විදලා

සෙනෙවිරත්න Wednesday, 29 November 2023 01:53 PM

මේ වගේ පොදු අරමුදලක මුදල් රටේ ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක තැන්පත් නොකර මේ අදම අහපු, මේ වගේ එකක තැන්පත් කළේ ඇයි? හොයා බැලුවොත් හෙලිවෙයි. බොහෝවිට මේවාට කොමිස් තියෙන බව පැහැදිලිවම. රටේ සම්මාදම් සල්ලි මෙහෙම වෙනවාට තීරණ ගත්තු අය වගකීම් ගත යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 357 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site