
(රේඛා තරංගනී ෆොන්සේකා)
වීදි ගණිකාවක් ලෙස බිරිය පෙන්වා විවිධ පුද්ගලයන් රවටා පාලු ස්ථානවලට රැගෙන ගොස් කොල්ලකන සැමියා බිරිද ඇතුලු සැකකාර හතර දෙනකු මොරටුව මෝදරදී අත්අඩංගුවට ගත් බව එගොඩඋයන පොලිසිය පැවසීය.
මාලයක් සහ දුරකතනයක් කොල්ලකෑ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරුවකු ගෙන් ප්‍රශ්න කිරීමේදී කොල්ලයට යොදා ගත් කාන්තාව වන කොල්ලකරුගේ බිරිදත් , මිතුරාත් මිතුරාගේ මවත් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
රාත්‍රි කාලයේ එගොඩ උයන ප්‍රධාන මාර්ගය අසල බිරිය රදවා සිට ලිංගික පහස සොයා පැමිනෙන පුද්ලයන් සමග ඇය පාලු ස්ථානයකට ගිය පසු එතැනදී තියුණු ආයුධ පෙන්නා කොල්ලකෑම සිදු කරන බවට තොරතුරු හෙලි වී ඇතැයි පොලිසිය පැවසීය.
එසේ පැහැරගන්නා වටිනා රන් බඩු එක් සැකකරුවකුගේ මව යොදවා උගසට තබා මුදල් ලබා ගැනිමට යෑමේදී ඇයවද අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
මෙම මංපැහැරීම සම්බන්ධයෙන් මොරටු පොලිසියටද පැමිණිලි ලැබී ඇති බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අඹුසැමි යුවල සහ මිතුරා අයිස් භාවිතයට ඇබ්බැහි වු පුද්ලයන් බව පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
328
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
423
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
396
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බිරිය පෙන්නා කොල්ල කෑ සැමියා ඇතුළු පහක් මාට්ටු