
(කේ බුද්ධික කුමාරසිරි)
කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇහැළියගොඩ මින්නාන ප්‍රදේශයේ වංගුවක දී බියර් ප්‍රවාහනය කළ ලොරි රථයකින් පිටතට විසි වූ බියර් බෝතල් සහිත ඇසුරුම් තොගයක් මාර්ගයට වැටීමෙන් බියර් බෝතල් සහ බෝතල් කැබලි මාර්ගය පුරා විසිරී ගියේය.
එම නිසා එම මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වූ බව ඇහැලියගොඩ පොලිසිය පවසයි.
බොහෝ බියර් බෝතල් විනාශ වූ අතර ඉතිරි වූ බියර් බෝතල් ඇතැම් පිරිස් රැගෙන යන අයුරු දක්නට ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජොනියගේ බියර්ද?
ම්ලේච්ඡ ජාතිය විනයගරුක කිරීමට ආගම් අසමත් වූ බවට උදාහරණයක්. අධ්‍යාපනය සහ දණ්ඩ නීති සංග්‍රහය පමණක් මෙම ම්ලේච්ඡයින් ශිෂ්ඨ සම්පන්න කරයි. ඇත්ත වශයෙන්ම, දකුණු ආසියානුවන්ගේ ජානය උපතින්ම වංචාකාරයින්ය...
මේ පින්තුර ටික නරඹලා, බියර් රැගෙන යන පිරිසට බැනවදිමින්, බියර් වලට කෙල හලමින්, අනේ මටත්, නොමිලේ බියර් බෝතල් ටිකක් ගෙදර ගෙනිහිල්ලා බයිට් එක විතරක් හදාගන්න තිබුණු සුන්දර අවස්ථාවක් මග හැරුනානේ කියලා හිතෙන් දුක් වෙන කොතරම් පිරිසක් අපි අතරම ඇත්ද කියලයි මම මේ කල්පනා කලේ...? ලැජ්ජා බයට හැදුනු අවංක අපි, අනුන්ගේ විපත අපේ සතුට කර ගත්තාම ඇති වැරැද්ද මොකක්ද එක අතකට නේද..?
සුනාමිය වෙලාවේ පණ ඇදපු මිනිස්සුන්ගේ කණකර කොල්ල කාපු වුන්ගේ ඊළඟ පරම්පරාව... කාලකන්නි.
එතනත් හොරකම. ඔය හොර හිත ජනතාවගෙන් පහවෙනකම් , මොකා බලයට ආවත් ලංකාව දියුණු කරන්න අමාරුයි.
ඔය තියෙන්නේ 225 ම හොරු කියන උදවියගේ කෙරුවාව.
ඇහැලියගොඩ කියන්නෙම අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරන මහ අසමජ්ජාති මිනිස්සු ඉන්න ප්‍රදේශයක් කියල ජනතාව කියනදේ පැහැදිලිවෙන එක් අවස්ථාවක් කියන්න පුලුවන් .මම අහල තියෙන හැටියට ඇහැලියගොඩ කියන්නෙ තමන්ගෙ ගෙදරට අල්ලපු අනුන්ගෙ වතුවල පොල් ගස් දෙකතුනේ පොල්ටික හොරට කඩවා කැඩූ එකාට ගෙඩියකට රුපියල් 100/= දීල මාමගෙ පුතාට 150/= ට විකුණා මාමගෙ පුතා 200/= ට පොල් විකුණන අප්පොලා බණ්ඩාරල සිටින ප්‍රදේශයක් කියල තමයි. එහෙම එවුන් බිමත්ව සිටින වෙලාවට මේ කතා එලියට බහිනවා
ඇත්තටම කිසිම ජාතියක් ජන්මයක් නැති මේ වගේ මිනිස්සු කථා කරන්නේ පම්පෝරි ගහන්නේ සමාජ ජාල වල කමෙන්ට් කරන්නේ අහිංසක ගමේ නගරේ වැදගත් විනයක් සභ්‍යත්වයක් තියෙන පෞඩ ජනතාවක් ඵහෙම නැත්නම් හොඳ පෞරුෂත්වයකින් හෙබි තරුණ ජවයක් සහිත සමාජයක් ලෙසින් නේද?සැබෑ තත්වය ඔන්න බලාගන්න.විශේෂයෙන් මාලිමා ගොබ්බ අරගලයට සම්බන්ධ වුනේම මෙන්න මේ වගේ කුජිත තුප්පහි මිනිස්සු ඵහෙම නැත්නම් ගොබ්බ තරුණ පරපුර.මෙයලා ඵදත් ජනපති මන්දිර කඩලා හොරකම් කලා.දේපළ කෝල්ල කාපු අවබෝධයෙන් බොරු කියන නීච පරපුරක් කිව්වොත් නිවැරදියි.කනගාටුයි
එහෙනම් සුමිහිරි පානේ පදමට ගහලා අද කීප දෙනෙක් ජොලි කරයි
2500 ක ප්‍රෞඩ ඉතිහාසයක් ඇති පරපුරක සමගිය, දේශපාලකයෝත් මේවා බලලා හැදෙන්න ඕනෑ...
ඕක අපේ ගෙදර ළඟ පෙරලුනා නම් කොහොමද?
කවුද කියන්නේ ලොරිය පෙරලුණා කියලා? නියම අන්දමට ප්‍රවාහනය කරපු බියර් පෙට්ටි, ගැට ගසා නොතිබුන නිසා, ඒවා ලොරියෙන් ඉවතට විසි වී ගියා. මෙම ලොරිය මෙවන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා සුදුසු නැති හුචක්කුක් වෙන්න ඇති