IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘බාහිර උපාධි කප්පාදු කිරිමේ වැඩපිළිවෙළක ආර්ඩුව නිරත වෙනවා’


 
(නිමල කොඩිතුවක්කු)
 
බාහිර උපාධිය කප්පාදු කිරිමේ වැඩපිළිවලක ආණ්ඩුව නිරත වන බව  බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුව කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසූහ.

එම උත්සාහය වහා නතර කර ඉදිරි අයවැයෙන් සියලූම උපාදිධාරීන්ට වහාම රැකියා ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලීමක් කරන බව එම සංවිධානයේ කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය මහතා පැවසීය.

බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුව මරදාන පිහිටි සමාජය හා සාමුහික කේන්ද්‍රයේ අද (28) පැවත්වූ  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා  මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහේෂ් අඹේපිටිය මහතා මෙසේද කීය.

 ‘‘සියලූම උපාධිධාරීන්ට රැකියා ලබාදෙන  බවට පොරොන්දු වෙමින් මේ ආණ්ඩුව බලයට පත්වුණා. එහෙම පත්වෙච්ච ආණ්ඩුව අද දිගින් දිගටම සියලූම උපාධිධාරීන්ට රැකියා ලබා දීම මඟඅරිමින් සිටිනවා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකෂිත කිරීමට පත්වු මේ ආණ්ඩුව අද දිගින් දිගටම බාහිර උපාධිධාරින්ගේ රැකියා අහිමි කරමින් සිටිනවා. රැකියා හිමිවූ උපාධිධාරීන්ට පවා අද වැටුප් වාර්තා පවා අහිමි කරමින් සිටිනවා. රැකියා නිර්දේශ වූ බාහිර උපාධිධාරීන් පවා එම රැකියා වලින් ඉවත් කිරිමේ උත්සාහයක මේ ආණ්ඩුව නිරත වෙමින් සිටිනවා. 

අද රැකියා විරහිත උපධිධාරින් 60,000 ක් ඉන්නවා. ඒ අයට රැකියා දෙන්න කිසිදු වැඩපිළිවෙළක් මේ ආණ්ඩුව සතුව නැහැ.

2016 වසරේ සිට මේ දක්වා බාහිර උපාධිය සඳහා සිසුන් බඳවා ගෙන නැහැ. බාහිර උපාධිධාරීන් සඳහා නියමිත දිනවල විභාග පවත්වා නැහැ. දිගින් දිගටම බාහිර උපාධිය කප්පාදු කිරීමේ වැඩපිළිවෙළක ආණ්ඩුව නිරත වෙමින් සිටිනවා.

සියලූම උපාධිධාරීන්ට රැකියා ලබාදිමේ වැඩපිළිවෙළක් ආණ්ඩුව කඩිනමින් සකස් කළ යුතුයි. උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ දී 35 වයස් සීමාව වහාම ඉවත් කළ යුතුයි. එහෙම නොකළොත් අපි මේ රජයට විරුද්ධව දැවැන්ත වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරනවා යැයි ද ඔහු එහිදී පැවසීය.



අදහස් (0)

‘බාහිර උපාධි කප්පාදු කිරිමේ වැඩපිළිවෙළක ආර්ඩුව නිරත වෙනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16885 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site