
(ජී.ඒ.පී.කුමාර සහ දයාරත්න ඇඹෝගම)
තඹුත්තේගම නොච්චියාගම මාර්ගයේ බී රනොරාව ප්‍රදේශයේදී බස් රථයක යතුරු පැදියක් ගැටීමෙන් පාසල් සිසුන් දෙදෙනකු මිය ගොස් ඇතැයි ගාලදිවුල්වැව පොලීසිය පවසයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ බී රනොරාව ගාලදිවුල්වැව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ජයකොඩි ආරච්චිලාගේ මිළින්ද සම්පත් සහ ජයනන්දන පුෂ්පකුමාරගේ කවිදු මධුෂාන් රත්නායක නැමැති වයස අවුරුදු දහසයේ පසුවන පාසල් සිසුන් දෙදෙනෙකි.
මෙම සිසුන් දෙදෙනා නොච්චියාගම දුණුපොතගම විද්‍යා ප්‍රදීප විද්‍යාලයේ 11 වසර අධ්‍යාපනය ලබන සිසුන් දෙදෙනෙකි.
මියගිය සිසුන් දෙදෙනා කිසියම් අවශ්‍යතාවයක් සදහා යතුරුපැදියෙන් සිය නිවස අසල සිට දොඹවලගම මංසන්ධිය වෙත ගොස් නැවත නිවෙස් වෙත පැමිණෙමින් සිටියදී බී රනෝරාව මාර්ගයේ බී රනෝරාව වැවට මදක් නුදුරින් වු වංගු සහිත ස්ථානයකදී මෙම අනතුරට ලක්ව ඇත.
අදාල බස් රථය මහනුවර සිට නොච්චියාගම දක්වා ගමන් ගත් බස් රථයකි.පොලීසිය පවසන්ගේ අදාල සිසුන් දෙදෙනා ගමන් ගත් යතුරු පැදියේ වේගය පාලනය කර ගත නොහැකිව බස්රථයේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුරු සිදුව ඇති බවයි.
2025 නොවැම්බර් මස 04
232
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2088
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1595
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බස් යතුරු - පැදි අනතුරින් සිසුහු දෙදෙනෙක් මරුට
Brian Friday, 17 January 2025 07:01 AM
තරුණ මදය මරුවා කැඳවයි.
සාලිය Friday, 17 January 2025 08:16 AM
යතුරු පැදියේ වර්ගය කුමක්ද? මමත් එකක් ගන්න ඉන්නේ....
Janii Friday, 17 January 2025 09:19 AM
දැන් කොල්ලො හයි කැපෑසිටි ඉල්ලුවට තාම 200CC වගේ බයික් එකක් වත් පැදගන්න බෑ, තැරි ගහගන්නෙ නැතුව
Indika Friday, 17 January 2025 10:29 AM
අනිත් මිනිස්සුන්ව මරන්නේ නැතිව මෙහෙම වුණු එක හොඳයි. තමන්ට ජීවිතේට ආසාවක් නැති හින්දනේ ඔය තරම් වේගයකින් යන්නේ... අම්මලා, තාත්තලා පවු...
Thilak Saturday, 18 January 2025 05:53 AM
මේකෙ සම්පූර්ණ වැරැද්ද දෙමව්පියන්ගේ...