( ටී.කේ.ජී.කපිල )
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය ඉන්දීය දෙදින නිල සංචාරය නිමා කර අද (18 ) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය .
මෙම සංචාරය අතරතුර දී ඉන්දීය රජය වෙතින් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් අනුමත කරවා ගැනීමට කටයුතු කර තිබුණි .
මෙම සංචාරය සදහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා සහ අමාත්‍යවරයාගේ බිරිඳ ද එක් වී සිටියහ .
මුදල් අමාත්‍යවරයා ඇතුළු පිරිස ඉකුත් 15 දින පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
බැසිල් යළි දිවයිනට
Sanath Kandy Friday, 18 March 2022 02:58 PM
ඔබතුමාගේ මොල හත නොතිබෙන්න මේ රටේ මිනිසුන්ට හාමතේ මැරෙන්න තමයි වෙන්නේ. කොහොම හරි මෝදි, මෝඩයා කරලා ඩොලර් බිලියනයක් කඩා ගත්තානේ. 10% කෙලින්ම අමෙරිකාවේ ගිණුමට දාන්න කියන්න.
C.K.LankaputhraFriday, 18 March 2022 06:04 PM
ඒක ඔබතුමා කියන්න අවශ්‍ය නැහැ.... කපුටෝ ඒකෙ අති දක්ෂයෝ.
chandana Friday, 18 March 2022 03:22 PM
නෝනත් එක්ක සාරි ගොඩක් අරගෙන ආවාද? මෙහෙ වැඩි ගාණකට විකුණන්න පුළුවන්...
Gamini Friday, 18 March 2022 03:33 PM
ඇමෙරිකාවේ පෙට්‍රල් ෂෙඩ් එකක වැඩ කළා කියන්නේ ඉතින් ලංකාවේ මුදල් ඇමැති වෙන එක සුළු දෙයක්...
ජගත් ලියනගේ Friday, 18 March 2022 03:44 PM
ඔහොමම අමෙරිකාවට යන්නකෝ අපිට පව් නොදී..! .
Buddika Friday, 18 March 2022 03:51 PM
ගියේ රටට තවත් ණය අරන් එන්න මිසක් වැදගත් දේකට නෙවෙයි.
Shan Friday, 18 March 2022 04:23 PM
බිරිඳ ගිය නිසා තමයි ණය දෙන්න ඇත්තේ...!
Bamunuarachchi Friday, 18 March 2022 05:47 PM
අපේ රටේ දෙවියෝ අපිව රැක දෙන්න... මගේ නමස්කාරය...!
මැක්ස් Friday, 18 March 2022 05:57 PM
ණයට අරගෙන හරි, මෙච්චර කාලයක් කළා වගේ..., කන්න දුන්නත් වැරැදියි, නුදුන්නත් වැරදියි. ආණ්ඩුවකින් ආණ්ඩුවකට ණයක් දුන්නාම ඒකෙන් කෙලින්ම සීයට ගාණක් කොමිස් ගන්නවාලු. අපේ රටේ තරම් විවේචන ඔස්තාර්ලා නම් ලෝකේ කොයිම රටකවත් නැති බව අපගේ පුද්ගලික අත්දැකීමයි.
Nuwan Friday, 18 March 2022 06:47 PM
රටේ මොන සම්පත්ද ඉන්දියාවට විකුණුවේ?
ගමේ එකාලා Friday, 18 March 2022 07:29 PM
දූෂිත පවුල් පාලනේ උදවිය හැමෝම කරපු මහා පරිමාණයේ හොරකම්, වංචා, දූෂණ, නාස්තිය, නිසි කළමනාකරණයක් නැතිනිසා රට වලපල්ලටම වැටුණා. දැන් ඉන්දියාවටත් හිඟමනේ යනවා...
Asanga Friday, 18 March 2022 07:35 PM
රටම හිඟාකන්න තත්වයට හදලා දැන් පොර ටෝක් දෙනවා.
Gamini Friday, 18 March 2022 08:19 PM
හිඟනපක්ෂලා තමයි...
saki Friday, 18 March 2022 08:30 PM
අනේ මෙයා ආවත් එකයි, නාවත් එකයි... කපුටා බැල්ම දැම්මද දන්නේ නැහැ.
Ranjit Friday, 18 March 2022 08:35 PM
එදා වේල ටුවර්ස්
නිසන්ක Friday, 18 March 2022 11:08 PM
මෙවර අවුරුදු කෑමට ඩොලර් බිලියනයක ඉන්දීය ණයක් ලැබි ඇති බව "කොහා" වෙනුවට "කපුටා" කියයි.
Gagana Saturday, 19 March 2022 01:01 AM
හිඟා කාලා ඇවිල්ලා...