IMG-LOGO

බැසිල්-ඉන්දීය විදේශ ඇමැති අතර හමුවක්

(විමුක්ති එස්. රොද්‍රිගූ)

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා නව දිල්ලි නුවරට ගොස් සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා සමග ඊයේ (16 ) ද්විපාර්ශවික සාකච්ඡාවක් පැවැත්වීය.

ඉන්දියාවට පැමිණෙන රාජ තාන්ත්‍රිකයන් සමග  සාකච්ඡා පැවැත්වීමට වෙන්වූ "හයිද්‍රාබාද් නිවසේදී" මෙම සාකච්ඡාව පැවැත්වීය.

දෙරටේ ද්විපාර්ශවික සබඳතා වලට විශේෂයෙන්ම ආර්ථික හවුල්කාරිත්වයට අදාළ කරුණු රාශියක් මෙහිදී සාකච්ඡා කළේය.

එහිදී බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාව ලබාදෙන සහයෝගීතාවයට ස්තුතිය පළ කළ අතර ආචාර්ය ජයිශංකර් මහතා ඉදිරියටත් ඉන්දියාව ශ්‍රී ලංකාවේ අවශ්‍යතා වලට ප්‍රතිචාර දක්වන බව සහතික කළේය.

මෙම සාකච්ඡාව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොසරිස් මිලින්ද මොරගොඩ,නියෝජ්‍ය මහ කොමසාරිස් නිලූක කදුරුගමුව සහ මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

ආචාර්ය ජයිශංකර් මහතා හමුවීමට පෙර ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන ශ්‍රින්ග්ලා සහ ඉන්දියාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී වික්‍රම් මිස්රි මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවිය.

 

 



අදහස් (2)

බැසිල්-ඉන්දීය විදේශ ඇමැති අතර හමුවක්

Kumara Thursday, 17 March 2022 02:55 PM

කේජු කෑල්ල හම්බවෙලා ඇතිනේ...

:       0       0

Roshan Thursday, 17 March 2022 06:50 PM

කපුටා හිටිං ප්ලේන්.... බැසිල් හිටිං ශ්‍රි ලංකා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 240 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site