IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බසයේ යමින් සිටි තරුණියගේ කොණ්ඩය කපලා

(ෂේන් සෙනෙවිරත්න)

බස් රථයක ගමන් කරමින් සිටි 27 හැවිරිදි තරුණියකගේ කෙස් කළඹ අඩියක පමණ ප්‍රමාණයක් කතුරකින් කපා ඉවත් කළ බව කියන මුරුතලාව ප්‍රදේශයේ පල්ලියක මවුලවිවරයෙකු බව කියන පුද්ගලයෙකු මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

එම තරුණිය කටුගස්තොට සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක අසුන් ගැන සිටියදී එම අසුනේ පිටුපස අසුනේ සැකකරු වාඩිවී සිටිමින් එසේ ඇයගේ කොණ්ඩය කපා දමා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධියට මුහුණ දුන් තරුණිය එම අවස්ථාවේදීම ඇයගේ ජංගම දුරකථනයෙන් සැකකරු සහ ඔහු විසින් කපා දැමූ කොණ්ඩයේ කොටසද වීඩියෝ ගත කොට තිබුණි .

මඩවල ප්‍රදේශයේ පදිංචි එම තරුණිය කිසියම් අවශ්‍යතාවයක් සඳහා මහනුවර බලා ගමන් කරමින් සිටියදී සිද්ධියට මුහුණ දී ඇති අතර ඇයගේ දැනුම්දීමට අනුව බස් රථයේ මගීන් විසින් සැකකරු අල්ලා පොලිසියට භාරදී තිබේ .

එසේ අත්අඩංගුවට ගත් සැකකරු මුර්තලාව දෙහිඅංග උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.



අදහස් (10)

බසයේ යමින් සිටි තරුණියගේ කොණ්ඩය කපලා

රංබොඩ Sunday, 14 July 2024 09:34 AM

විද්‍යාත්මක ලෝකයට කිසිසේත්ම නොගැළපෙන යම් මතයකින් හිස කුරුවල් වෙච්චි අමනයෙක් වගයි පේන්නේ...!

:       0       35

මවුලවි Sunday, 14 July 2024 09:43 AM

අල්ලාහු අක්බාර්, නංගි...!

:       0       18

යෝගා Sunday, 14 July 2024 10:50 AM

ආගමික උන්මාදයක ප්‍රතිඵලයක්ද? බටහිර රටවලින් නම් මොවුන්ව පිටුවහල් කරනවා..

:       2       23

Asela Sunday, 14 July 2024 11:38 AM

කාන්තාවකගේ කොණ්ඩය බලෙන් කැපීම දෙවන මරණ දඩුවම හැටියටයි සැලකෙන්නේ. ඔවුන් එය ආරක්ෂා කරන්නේ, නඩත්තු කරන්නේ ඇස් දෙක හා සමානව. කාන්තාවන්ට සලකන්නේ නැති අමනයෝ.

:       0       8

ජයනාත් Sunday, 14 July 2024 11:48 AM

පුදුම අසහන⁣කාරයෝනේ මොවුන්...

:       0       23

ජගත් ලියනගේ Sunday, 14 July 2024 01:32 PM

අහවල් එක මුලින්ම කපලා දාන්න තියෙන්නේ...

:       0       20

Jak Sunday, 14 July 2024 02:27 PM

ආගමික භක්තිය...

:       3       11

Amara Sunday, 14 July 2024 02:45 PM

අපොයි මොවුන්ට මිනිස්සු ලියපු පොතේ දේව වාක්‍යයක් ඉස්මුරුත්තාවට ඇවිත් වගේ....

:       2       21

ඊබ්‍රහිම් නානා Sunday, 14 July 2024 08:05 PM

නංගිලා මල්ලිලා මුකුත් කියන්න එපා. ආගමික සංහිඳියාව තමා නැතිවෙනවා. මාශ තුනකින් යෙපිලාගේ මාලිමා ආණ්ඩුව ආවාම ගෑණු යොක්කෝටම බුර්කා තමා අන්දනවා.

:       8       9

kahawita Monday, 15 July 2024 01:41 AM

ඔය මිනිහාට දැඩි දඬුවමක් දෙන්න ඕනෑ... හැබැයි සංහිදියාවට බාධාවක් නිසා මොකුත් කරන එකක් නෑ ... සිංහල මිනිහෙක් කලා නම් ඔන්න බඩුම තමයි

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 59 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 133 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 933 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site