IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


බස්නාහිර සිරවූ 50,000ක් නිවෙස් කරා යැවීමේ මෙහෙයුම පෑලියගොඩින් අරඹයි

 

ළහිරු හර්ෂණ

කොරෝනා රෝග වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක කල ඇදිරිනීතිය හේතුවෙන් තම නිවෙස්වලට යා නොහැකිව බස්නාහිර පළාතේ පොලිස් වසම්වල රැදී සිටින පුද්ගලයින් නැවත සිය ගම් බිම් කරා පිටත් කර යැවීම අද(02) ආරම්භ කෙරිනි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් කැළණිය පොලිස් කොට්ඨාසය තුල රැදී සිටි ගැබිණි මාතාවන් , දිර්ඝ කාලීන රෝගීන් , කුඩා දරුවන් ඇතුළු 360 දෙනෙකු පමන ⁣මූලික වෛද්‍ය පරීක්ෂාවෙන් අනතුරුව ලංගම බස් රථ වලින් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පෑලිය⁣ගොඩ පොලිස් වසමේ විජය කුමාරතුංග ක්‍රීඩාංගණයේ සිට පිටත් කර යැවිය.



අදහස් (8)

බස්නාහිර සිරවූ 50,000ක් නිවෙස් කරා යැවීමේ මෙහෙයුම පෑලියගොඩින් අරඹයි

Prabha Saturday, 02 May 2020 10:17 AM

දැන් මෙ මිනිස්සුත් ගම්වලින් කොන්කරන්න පුළුවන්...

:       26       0

ChampaSaturday, 02 May 2020 08:28 PM

එහෙම වෙන්නේ නැහැ. එහෙම කරන්නත් එපා. සිංහල බෞද්ධ අපි ලෙඩ හැදුණා කියලා මිනිස්සු කොන් කරන්නේ නැහැ. චීන කාන්තාවකට කොරෝනා හැදුණාම අපි මෙහෙ චීන ජාතිකයින්ව කොන් කලේ නැහැ. පස්සේ මිනිස්සු තමන්ගේම ජාතිය කොන් කරන්න පටන් ගත්තේ ආණ්ඩුව ජනමනස විකෘති කල නිසා. ජනාධිපතිවරයා පොළොවේ පය ගහලා නැති වියත්තුන්ගේ උපදෙස් උඩ, රට කලාප වලට බෙදාගෙන, ආසාදිතයන් පළාත, රැකියාව, ජාතිය අනුව වර්ග කළ හින්දයි ජනතාවත් ආසාදිතයන්, එම පවුල් කොන් කරන්න පටන් ගත්තේ. ආණ්ඩුව දුන්නු වැරදි පණිවුඩය නිසයි කොළඹ ඉඳන් ගමට එන මිනිස්සු, පස්සේ නාවුක හමුදා භටයෝ කොරෝනා පතුරනවා කියන අදහස ඇති වුනේ. ආණ්ඩුව ජනමනස මොන තරම් තදින් විකෘති කලාද කිව්වොත්, නාවුක හමුදා භටයන්ට ගමට යන්නත් බැරුව ඔවුන්ගේ පවුල්වල අයට ගම්මු පහර දෙන තරමට ප්‍රශේනේ වැඩි වුනා. දැන්වත් අහන්න. කොරෝනා කියන්නේ ගහලා දුවන ජාතියේ ඉක්මන් වෛරසයක්... පහර සැරයි. දුර්වලයා වැටෙනවා. ශක්තිමත් මිනිහට දැනෙන්නේ නැහැ. ඒනිසා සිංහල ක්‍රමයට ශක්තිය වඩන ආහාර ගන්න. රස්නෙ දියර වර්ග බොන්න. පස්පංගුව බොන්න. කැස්ස නම් කටුවැල්බටු නැතුව බොන්න. කැස්ස වැඩිනම් ඇඹුල් දොඩම් බෙහෙත බොන්න. දෙහි කොළ නටන වතුරට දාලා හුමාලය අල්ලන්න...

:       0       0

bhishekaa swarnamaali Saturday, 02 May 2020 10:28 AM

මාස 2ක් ගියා මේ පුංචි වැඩේ කරන්න. මේ මිනිස්සු මොන තරම් නම් දුකක් විඳින්න ඇද්ද? පිටරට ඉන්න ලාංකිකයෝ නම් විශේෂ ප්ලේන් යවලා ගෙන්න ගත්තා, ඇමති පුත්තු හන්දාද?

:       1000       647

Champa Saturday, 02 May 2020 01:05 PM

හොඳ තීරණයක්. හුඟක් මිනිස්සු කොළොඹ සහ අවට බෝඩිම් වල මාස එකහමාරක් තිස්සේ හිර වෙලා ඉන්නවා. හුඟකට කෑමත් නැහැ. අතිශය ජනාකීර්ණ, අපිරිසිදු වාතය තියෙන, කුඩා ඉඩකඩ වල ළඟ ළඟ සෙනඟ ගොඩක් ඉන්න කොළඹ සහ අවට නගර වලට වඩා ගමේ පරිසරය සෞඛ්‍යට හිතකරයි. හැබැයි ඒකෙ තේරුම ආණ්ඩුව කියන විදිහට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මැයි 11 ආරම්භ කිරීම හෝ පාසල් විවෘත කිරීම හෝ කලින් තිබ්බ විදිහට ජන ජීවිතය පටන් ගන්න පුළුවන් විදිහට රට කොරෝනා වලින් ආරක්‍ෂිතයි කියන එක නෙමෙයි. රට තවමත් ඉතාම අනාරක්ෂිතයි. දැන් වෙනකොට කොරෝනා රෝගීන් 690ක්. දිගටම වැඩි වෙලා. කොරෝනා පරීක්ෂණ අඩු කාලේ ලෙඩ්ඩු අඩුයි. කොරෝනා පරිෂණය නැවැත්තුවහම ලෙඩ්ඩු නැහැ. කොරෝනා පරීක්ෂණ වැඩි කලහම ලෙඩ්ඩු ගාන එලි වෙනවා. මේ අලුත් ලෙඩ්ඩු නෙමෙයි. පරීක්ෂණ වැඩි කිරීම නිසා දැන ගත්ත ලෙඩ්ඩු. රටේ අනාරක්ෂිත බව තව මාස 3ක් වත් යනකම් අඩු වෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය රැකියා කියන්නේ රජයේ කාර්යාල හෝ පෞද්ගලික සේවා නෙමෙයි. ආහාර අර්බුදයක් ඇති නොවෙන්න ඒ හා ආශ්‍රිත රැකියා, රෝහල්, ෆාමසි, සුපර් මාර්කට්, බැංකු (සීමිත) වැනි මිනිස්සුන්ට අත්‍යවශ්‍යම ආයතන විතරයි විවෘත කරලා තියන්න ඕනේ....

:       0       45

Champa Saturday, 02 May 2020 01:53 PM

කොරනා ගැන විතරක් නෙමෙයි රටට වගකියන ආණ්ඩුවට කරන්න වැඩ ගොඩක් තියෙනවා. ලංකාවේ රැකියා කරන වයසේ මිනිස්සුන්ගෙන් ස්ථිර රැකියා කරන්නේ 54.7%ක් හෙවත් මිලියන් 8.2ක් විතරයි. රැකියා කරන වයසේ ඉන්න, රැකියා නැති සහ ස්ථිර ආදායමක් නැති පිරිස මිලියන් 8කට කිට්ටුයි. වෛරසය නිසා මාසික වැටුප සහ දෛනික ආදායම අහිමි වෙච්ච ලක්ෂ ගානක් ඉන්නවා ස්ථිර රැකියා සහ ස්ථිර නොවෙන රැකියා කල. ලංකාව වැඩ කරන්නේ බටහිර ක්‍රමයට නිසා කොරෝනා වෛරසයට එන්නතක් හොයා ගන්න තුරු මිනිස්සු ආරක්‍ෂිත නැහැ. ඒ හින්ද, මාර්තු මුලදීම ලියපු විදිහට, ආණ්ඩුව කොරෝනා පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා රටේ ජනතාවට තව මාස 3කට (මූලිකව) සහන සලස්වන්න "කොරෝනා සහන පනත" කියල පනතක් ගේන්න ඕනේ. දැනට ගෙවන රු.5000 මදි වුනත් මිනිස්සුන්ට ඒකත් ලොකු දෙයක් නමුත් පෞද්ගලික අංශ සේවාදායකයන්ට තමන්ගේ සේවකයන්ගේ රැකියා ආරක්ෂා කරගන්න පුළුවන් විදිහට රැකියාවට නාවත් මාසික වැටුපෙන් 50%ක් සේවකයන්ට ගෙවන්න පුළුවන් විදිහට ආණ්ඩුව විසින් ව්‍යාපාර සහ කර්මාන්ත ආරක්ෂණ සහනයක් විදිහට පුද්ගලික අංශයනට බදු සහන සහ යම් මුදලක් දෙන්න ඕනේ. පාර්ලිමේන්තු පනතක් නැතුව මේක කරන්න බැහැ.

:       1       138

lalithm Saturday, 02 May 2020 07:40 PM

බොහෝ පුද්ගලික ආයතන පඩි ගෙවා ගන්න බැරි තරම් කරදරේ වැටිලා. අපේ රටේ බදු ගත්තට ඒවාට ආපසු සේවයක් නොකරන හින්ද පොඩි අමාරුවකදී වුනත් කුඩා සමාගම් කඩා වැටෙනවා. මේ කුඩා සහ මධ්‍යම පරිමාණ සමාගම් වලට බදු සහන අත්‍යවශ්‍යයි...

:       15       248

viraj Tuesday, 05 May 2020 04:47 AM

විද්‍යානුකූලව විෂබීජහරණය කිරීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය මගින් දක්වා ඇත්තේ පුද්ගලික ස්වස්ථතාවය පිළිබඳව බොහෝ හොඳ දේවල් සමාජ ගත කෙරුණු මේ අවස්ථාවේදී, සීමාව ඉක්මවා එය සිදු කිරීමට යාමෙන් මිනිසාටත්, පරිසරයටත් හානිදායක දේ සිදු නොකිරීමට අප විසින් වගබලා ගත යුතුයි යනුවෙනුයි. එමෙන්ම මුළු මහත් පරිසරයම විෂබීජහරණය කිරීමක් සිදු කළ යුතු නැති බවත්, රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයන්ගෙන් ස්වභාවික පරිසරයට නිකුත් කිරීම මගින් රෝග නිවාරණයට ලැබෙන රුකුල ට වඩා පරිසරයටත්, මිනිසාටත්, අවට ජීවත්වන සතුන්ටත් වන හානිය විශාල බවයි එමගින් පෙන්වා දෙන්නේ.

:       0       0

rala Tuesday, 05 May 2020 05:07 AM

මේක පුදුම වැඩක්නේ, මෙච්චර පුංචි ලංකාවේ මේ මිනිස්සුන්ව ගමට යවන්න මෙච්චර කාලයක් ගත කරා කියන්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1963 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1544 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site