IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බාලේ සිට සතුටින් ඉන්න හැටි කියන්න වැඩක් අරඹයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් “යහපැවැත්ම සදහා සම්බන්ධතා පවත්වාගන්න  නමින් ජීවිතයේ සියලු අදියර වල පුර්ණ යහ පැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික ව්‍යාපාරයක් අරඹා ඇත.

මෙය ළදරුවන් සිට වයස්ගත වැඩිහිටියන් දක්වා භෞතික, මානසික, සමාජීය සහ ආධ්‍යාත්මික යහපැවැත්ම උදෙසා ක්‍රියාත්මක වන වැඩසටහනකි.

 මෙම ව්‍යාපාරය මඟින් ජනතාව සෞඛ්‍ය සපිරුණු ජීවිත රටාවන් පිළිබඳව උනන්දු කරමින්, තමන් , තම පවුල, තම මිතුරන්, ප්‍රජාව සහ පරිසරය සමඟ සබඳතාවය වර්ධනය කිරීමට උනන්දුවක්  කිරීමක් සිදු කරනු ලබයි.

තමන්, තම පවුල, මිතුරන්, ප්‍රජාව සහ පරිසරය සමඟ යහපත් සම්බන්දතාවයක් පවත්වාගැනීම තුලින් යහ පැවැත්ම  ප්‍රවර්ධනය  කිරීම මෙම ජාතික වැඩසටහනේ  මූලික අංගයයි. ජනතාව අතර ඒ පිළිබඳව  අවබෝධයක් ඇති කිරීම සහ ඔවුන් ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව සහභාගී කිරීම සඳහා වැඩසටහනක් ද මීට ඇතුළත් වේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍ය වෛද්‍ය  නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරී හෝටලයේ  පැවැත්වූ උත්සවයක දී මෙම වැඩසටහන  ආරම්භ කෙරිණි.



අදහස් (1)

බාලේ සිට සතුටින් ඉන්න හැටි කියන්න වැඩක් අරඹයි

Srinath Sunday, 19 October 2025 05:40 PM

වැඩේ හොදයි. මෙඩිසින් කම්පැණි වල විටමින් ප්‍රවර්ධනය කරයිද දන්නේ නෑ. දැන් හැමතැනම ෆ්‍රී චෙක් අප් කරලා මොනවා හරි ලෙඩක් කියලා බෙහෙත් දෙනවා. අන්තිමට හොදට හිටපු කෙනත් ලෙඩෙක් වෙලා මල්ල පුරවනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site