IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බලය විමධ්‍යගත කිරීමේ ආයතන ජනපතිගේ පාලනයට නතුවෙලා

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීම සඳහා පිහිටුවා ඇති ප්‍රධාන ආයතන දෙකම අද සිට වක්‍රාකාරයෙන් ජනාධිපතිවරයාගේ පාලනයට නතුවන බවත් මෙම තත්වය ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන කිසිවෙකුට එකඟවිය නොහැකි තත්වයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (20) පැවසීය.

පළාත් පාලන ආයතනයක බල සීමාවක සිටින ජනතාවගේ  එදිනෙදා කටයුතු, සෞඛ්‍ය ආරක්ෂිතතාව, විවිධ කාරණ සම්බන්ධයෙන් මැදිහත් වීමට බලය විමධ්‍යගත කිරීමේ කුඩාම ඒකකය පළාත් පාලන ආයතන බව කී ඒ මහතා බලය විමධ්‍යගත කිරීමේ අනෙක් ව්‍යුහය වන පළාත් සභා රට තුළ ක්‍රියාත්මක වුවද ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මහජන නියෝජිතයන්ගෙන් තොරව බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරයා පත්කළ ආණ්ඩුකාරවරු 9 දෙනෙක් පළාත් සභා පාලන කරන බවත් පළාත් සභා පවත්වාගෙන යන්නේ නම් මහජන නියෝජිතයන් හරහා පාලනය වියයුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිගින් දිගටම හඩනැඟූ බවත් කාරියවසම් මහතා කීය.

ජනතාව පළාත් සභා ක්‍රියාත්මක නොවන්නේ යැයි සිතා සිටිය ද පළාත් සභා අඛණ්ඩව ක්‍රියාත්මක වුවද පාලනයට මහජන නියෝජිතයන් නොමැතිව කෙරෙන බව කී කාරියවසම් මහතා සඳහන් කළේ ඊයේ සිට පළාත් පාලන ආයතනය රාජ්‍ය නිලධාරීන් හරහා පාලනය වන බවත්ය.  

මෙම ආයතන අදාල ප්‍රදේශයේ ජනතාවගේ ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයන් පාලන කිරීම සඳහා නිර්මාණය කර තිබුණ ද ඊයේ සිට එම තත්වය වෙනස් වන බව ද කාරියවසම් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

බත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (20) පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා එසේ පැවසීය. 

 



අදහස් (7)

බලය විමධ්‍යගත කිරීමේ ආයතන ජනපතිගේ පාලනයට නතුවෙලා

ravin Monday, 20 March 2023 02:51 PM

මොකුත් නොදන්න තොත්ත බබෙක් මේ.. කුක්කු බෝතලයකුයි, සූප්පුවකුයි යවන්න. ලකුණු 100ම දෙන්න.

:       3       57

sena Monday, 20 March 2023 02:55 PM

ඉතින් ඔයාලනේ කිව්වේ ඡන්දෙට සල්ලි නැහැ කියලා... මට පේන්නේ කපුටා නරියාට කොටන්න යන්නේ..!

:       1       42

Perera Monday, 20 March 2023 03:29 PM

මුං ඔක්කොම රනිල් එක්ක එකතු වෙලා ලොකු ගේමක් ගහන්නේ.මිනිස්සුන්ව හිටු කියලා අන්දනවා.මුන් දන්නවා ඊළඟ මැතිවරණවලදී මුන්ට යනඑන මං නැතිවෙන බව..කාලකණ්නි හැත්ත.

:       1       41

Prabha Monday, 20 March 2023 04:32 PM

හරියට අපි රනිලව ජනාදිපති කරා වගෙනෙ මුගෙ කතාව

:       0       24

අරවින්ද මොනරවිල Monday, 20 March 2023 05:10 PM

මේ නම් ලැජ්ජාවට ඇඳුම් අඳින කෙනෙක් වෙන්න බැහැ...

:       0       11

chandani Monday, 20 March 2023 05:44 PM

රනිල්ට කියලා කරගත්තා නම් ඉවසගෙන ඉඳපන්. තාම නැහැ... මේ පටන්ගත්තා විතරයි.

:       0       15

fairoos Monday, 20 March 2023 06:52 PM

මේ කාලකණ්ණින්ට හෙණ වදින දවස වැඩි ඈතක නැහැ...

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 581 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site