
( පුෂ්ප කුමාර මල්ලව ආරච්චි සහ තිලකරත්න දිසානායක)
සමුද්‍ර සම්පත් අතරින් ඉතා වටිනා කොරල් විශේෂයක් වන ගැඹුරු මුහුදු ජලයේ දක්නට ලැබෙන ගසක් මෙන් හැඩැති බ්ලැක් කොරාල් විකිණීම සඳහා ප්‍රදර්ශනය කළ වයස අවුරුදු 23ක පුද්ගලයෙක් ගම්පහ දී අත්අඩංගුවට ගත් බව හොරගොල්ල ජාතික වන උද්‍යානය කියයි.
විවිධ සමුද්‍ර ජීවීන්ට ආහාර, ආරක්ෂාව ඇතුළු වාසස්ථාන සපයන මෙම බ්ලැක් කොරල් විශේෂය වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව කැපීම, සන්තකයේ තබා ගැනීම, ආනයනය/අපනයනය, වෙළඳාම, ප්‍රදර්ශනය තහනම් බව නිලධාරීහු කියති.
හොරගොල්ල ජාතික උද්‍යානයට ලැබුන තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරින් ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ කළ වැටලීමේදී බ්ලැක් කොරල් Black coral කිලෝග්‍රෑම් 3.2 ක් අත්අඩංගුවට ගෙන ඇත.
මේවා කිලෝග්‍රෑමයක් රු.75000.00 බැගින් විකිණීමට නියමිතව තිබූ බව සැකකරු හෙළිකළ බවද වන නිලධාරීහු සඳහන් කරති. එම සැකකරු සහ නඩු භාණ්ඩ එළඹෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බ්ලැක් කොරල් විකුණන්න් ගිහින් අමාරුවේ