
(අංජුල මහික වීරරත්න)
බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පැජට් පාර පිහිටි ජනාධිපති නිල නිවසේ දී අද (03) පස්වරුවේ සිදු විය.
මිලියනයකට අධික බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ ඉන්දියාව, පාකිස්ථානය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක වාසය කරති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සුහඳ කථා බහක නිරත වූ ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළේය.
බෝරා ප්‍රජාව විසින් පසුගිය වසර හතරක් පුරා සිදුකළ ආගමික සේවාවන් ඇතුළු විවිධ වැඩසටහන් ඇතුළත් ග්‍රන්ථයක් ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්විණි.
බෝරා ප්‍රජාවේ ශ්‍රී ලංකා නියෝජිත කුසෙයිමා අබිඩාලි මහතා ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


2025 දෙසැම්බර් මස 16
47
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බෝරා නායක ජනපති හමුවෙයි
Senarath Monday, 04 March 2024 04:43 AM
බෝරා, කරුණාකර ලංකාවට උදව් කරන්න පුළුවන් නේද?
Perera Monday, 04 March 2024 06:20 AM
ගෙදර පුටු විකුණලාද ඔක්කෝටම වැඩිවෙන්න පුටු නැත්තේ?
Marsipala Monday, 04 March 2024 10:02 AM
බෝරි කියන්නේ අල්ලා දෙවියන් ඉස්ලාම් ආගම අදහන අයද? එහෙමනම් බෝරි පල්ලිවලට අනිත් මුස්ලිම් අයට යන්න දෙන්නේ නැත්තේ ඇයි..? ඉස්ලාම් ආගමේ බෝරි කියලා වෙනම කොටසක් ඉන්නවාද? තෙරුවන් සරණයි...!
Hafeel Monday, 04 March 2024 02:38 PM
බෝරා නායකයා දන්නවාද මේ රටේ ආර්ථිකය? බෝරා නායකයා දන්නේ නැද්ද මේ ජනාධිපති තමයි වැට් බදු වැඩි කලේ කියලා...!