කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මාසයක කාලයක් සඳහා කල් තැබීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
අප්‍රේල් 21 දින නැවත පාර්ලිමේන්තුව රැස් කිරීමට තීරණය කර ඇතත් බොහෝ දෙනා අනුමාන කර ඇත්තේ වර්ථමාන තත්ත්වය හමුවේ එය දින නියමයක් නොමැතිව කල් තැබීමට සිදුවනු ඇති බවයි.
කෙසේ වුවද බ්‍රිතාන්‍ය රජයේ උසස් නිලධාරීන්ගේ මතය වී ඇත්තේ යම් කිසි ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරමින් පාර්ලිමේන්තුව නැවත රැස්විය යුතු බවයි.
රටේ විවිධ ප්‍රදේශ වලින් පැමිණෙන මන්ත්‍රීවරුන් සුපිරි වාහකයින් විය හැකි බවට බොහෝ දෙනා බිය පලකරති.
පාර්ලිමේන්තුව මේ වනවිටත් අමුත්තන් සඳහා වසා දමා ඇති අතර සමාජ දුරස්ථ නීති රීති වලට අනුව මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීම සහ දැඩි ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සිදුකර ඇත.
(085)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මාසයකට වසා දමයි
Raveendra Wednesday, 25 March 2020 01:23 PM
අනේ අපරාදේ වැහුවේ ඇයි..? අපේ 225 න් උපදෙස් ගත්තනම් වැඩේ ගොඩනේ... ඔහෙලා දැක්කේ නැද්ද? මේ දවස් කීපයකට පෙරත් අපේ අය කෑමොර දුන්නේ දියවන්න පට්ටියට කැදවන්න කැදවන්න කියමින්...