IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


බ්‍රිතාන්‍ය අගමැති බොරිස්ගේ පෙම්වතියට දරු උපතක්

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ පෙම්වතිය වන කැරී සිමන්ඩ්ස් මහත්මිය ලන්ඩන් රෝහලකදී නිරෝගී පිරිමි දරුවකු බිහිකළ බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

මේ සමිබන්දව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ මව සහ දරුවා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

අද (29) පෙරවරුවේ දරු උපත සිදුවූ බවත් ඒ් සම්බන්දව අගමැතිවරයා සහ සිමන්ඩ්ස් මහත්මිය සතුටට පත්වි සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත. දරු උපත බලාපොරොත්තු වූ දිනයට වඩා කළින් සිදුවී ඇතැයි සඳහන් වේ.
කෙසේ වුවද දරුවාට තවමත් නමක් තබා නොමැත.

බොරිස් ජොන්සන් මහතා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ පසුගිය වසරේ ජූලි මාසයේ සිට 32 හැවිරිදි කැරී සිමන්ඩ්ස් මහත්මිය සමග ඩවුනිං වීථියේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ ජීවත් වෙයි.

ඔවුහු විවාහ ගිවිසගෙන සිටින බවත් පළමු දරුවා අපේක්ෂාවෙන් සිටින බවත් පෙබරවාරි මාසයේදී නිවේදනය කළහ.
මේ වනවිට 55 වන වියේ පසුවන බොරිස් ජොන්සන් මහතා මීට පෙර විවාහ දෙකකින් දික්කසාද වී ඇති අතර ඔහුට දරුවන් කී දෙනකු සිටිනවාදැයි පැවසීම ප්‍රතික්ෂේප කරන බව මාධ්‍ය වාර්තා කර තිබේ.
කොවිඩ් - 19 ආසාදනය වීමෙන් පසු සුවය ලැබූ අගමැතිවරයා පසුගිය සඳුදා නැවත සේවයට පැමිණියේ ය.

බ්‍රිතාන්‍ය නායකයින් කිහිපදෙනකුටම ධූරයේ සිටියදී දරුවන් ලැබී තිබේ. ඩේවිඩ් කැමරන්ගෙගේ බිරිඳ සමන්තා 2010 වසරේදී ඔවුන්ගේ දියණිය ෆ්ලොරන්ස් බිහි කළාය. ටෝනි බ්ලෙයාර්ගෙගේ බිරිඳ චෙරී ද 2006 වසරේදී ඔවුන්ගේ පුතු ලියෝ බිහි කළාය.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (14)

බ්‍රිතාන්‍ය අගමැති බොරිස්ගේ පෙම්වතියට දරු උපතක්

Rohana Wednesday, 29 April 2020 12:13 PM

දරු උපතක් පෙම්වතියට ?

:       23       146

සුද්දාThursday, 30 April 2020 01:14 AM

රෝහණ අහලා නැද්ද? අතීතයේ රජවරුන්ට අන්තප්පුරයක් තිබුනා කියලා අපේ රටට නීති හදපු රටේ වත්මන් තත්වය මෙහෙමයි නේද ?

:       0       0

Sadun Wednesday, 29 April 2020 12:27 PM

එතකොට බබා හම්බ වෙලා තියෙන්නේ පෙම්වතියට . බිරිදට තවම බබා හම්බ වෙලා නැද්ද එහෙනම්?

:       24       141

chandimaWednesday, 29 April 2020 01:45 PM

සඳුන්, අපේ ගමේ ගොඩේ භාෂාවෙන් කියනව නම් අනියම් බිරිඳට. නමුත් එයාල ලොක්කෝ නිසා කියන්නේ අනියම් පෙම්වතිය කියල. දැන් තේරුනාද?

:       48       167

anura Wednesday, 29 April 2020 01:27 PM

ගැටේ නීත්‍යානුකූල උනහම උවමනා උනහම ගලවාගන්න අමාරු නිසා ගැට ගහගන්නෙම නැතිව තියා ගන්නවා ඇති...

:       29       119

chandima Wednesday, 29 April 2020 01:47 PM

මේක මේ කොරෝන හැදෙන්න කලින් කෙස් එකක්. ඒ නිසා ඒ "මහත්මියගේ" කොරෝන බලන්න අවශ්‍ය නැහැ.

:       18       0

Appuhami Wednesday, 29 April 2020 01:47 PM

යකෝ අගමැතිලාට ළමයි හදන්න.. මතක්වෙන්නේ අගමැති වුණාට පස්සෙයි..

:       5       48

ගමගේ Wednesday, 29 April 2020 01:55 PM

ඕකට හැත්තෑව පැනලා. නූලෙන් කොරෝනවලින් කප් නොගහ බේරුනේ ... ඒ මදිවට තවම බබාලා උපද්දවනවා. මට ඇති අමාරුවක් නැහැ... එංගලන්තේ බදුමුදල් ගෙවන අයට හොදනම්.

:       1241       244

BamunuarachchiWednesday, 29 April 2020 04:44 PM

ඒකට අපේ උන්දැලා... ළමයි හදාගන්න බැරුව රට හදන්න හදනවා.

:       23       205

Aris Wednesday, 29 April 2020 03:40 PM

මේවා බලල අපේ අයත් පටන් ගනීද දන්නේ නැහැ. නීතියෙන් නම් තහනමක් නැහැ. ඒ වුනාට එහේ ජන සමාජය නෙවෙයි මෙහේ....

:       0       5

Bamunuarachchi Wednesday, 29 April 2020 04:40 PM

රටෙ නායකයෝ එලෙස නැහැයි කියලා පෙන්වන්න වෙනවා..

:       10       1

Prabha Wednesday, 29 April 2020 04:44 PM

එංගලන්තෙ මිනිස්සුන්ට වඩා කලබල වෙලා තියෙන්නේ අපේ මිනිස්සු...

:       0       41

ධම්ම Wednesday, 29 April 2020 05:05 PM

ඕක මහා දෙයක්යැ... පෙම්වතියන්ට බබාලා හම්බවෙන එක අපේ රටෙත් ඕන තරම් සිද්දවෙන්නේ. ඕන නම් නම් වශයෙන් කියන්නත් පුළුවනි.

:       10       19

jayath Thursday, 30 April 2020 04:40 AM

රට හදන්න බැරි එකට කෙනෙකුට දොස් කීම හරි. නමුත් ඒ මනුස්සයට ළමයි නැති එකට හිනාවෙන එක මනුස්ස්සකමට ගැළපෙන්නේ නැහැ.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31636 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14061 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site