
( රංජිත් රාජපක්ෂ)
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇත.
මෙසේ බඹර ප්‍රහාරයට ලක් වි තුවාල ලබා ඇත්තේ මස්කෙලිය පොලිස් වසමට අයත් හපුගස්තැන්න වතුයායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකටය.
තේ වත්තේ ගසක බැද තිබු බඹර කුඩුවකට උකුස්සෙකු පහර දිමෙන් ඇවිස්සුණු බඹරුන් තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන්ට පහර දි ඇති බව මස්කෙලිය පොලිසිය කියා සිටියේය.
රෝහල් ගත කල වතු කම්කරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව මස්කෙලිය රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd