IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


බබෙක් බලාපොරොත්තුු වෙනවා නම් සරු කාලයේදී පරෙස්සම් වෙන්න

විවාහයට පත් වූ හුඟක් කාන්තාවකගේ ඊලඟ සිහිනය වෙන්නේ පුංචි දරු පැටියෙක්. එහෙම දරු සිහිනයක් බලාපොරොත්තුවෙන් ඉන්න මවකට සරු කාලය හඳුනා ගැනීම ඉතා වැදගත්. මොකද්ද මේ සරු කාලය, එය හඳුනා ගන්නේ කොහොමද? ඒ ගැන හරියටම දැනුවත් වෙමු.

ඔසප්වීමේ දින නිවැරදිව දැන ගැනීම සඳහා කැලන්ඩරයක් භාවිතා කළ යුතුය. දෙදෙනා එක් වී දරු පිළිසිඳ ගැනීමක් ඇති වී තිබුණහොත්, විවිධ පරීක්ෂණයන් මඟින් එය දැනගත හැකිය. එසේ නැතිනම් රුධිර පරීක්ෂාවක් කරගැනීමද කළ හැකිය. එකට එක්වී දින හතක් අටක් ඇතුළත දරුවකු සිටිනවා නම් එය මෙම රුධිර පරීක්ෂණයෙන් දැනගත හැකි වේ. එය දැනගැනීමට ඊළඟ මාසයේ ඔසප් නොවීම තෙක් සිටිය යුතුද නැත.

සරු කාලය යනුවෙන් හඳුන්වන්නේ කාන්තාවකගේ මාසික ඔසප් කාලය තුළදී, නිවැරදි ක‍්‍රමයට හෝමෝන ක‍්‍රියාකිරීමෙන් ඩිම්බයක් මෝරා පසුව එය ඩිම්බ කෝෂවලින් පිටකරන කාල සීමාවටයි. එනම් බීජය පිටවී පැලෝපීය නාළය තුළ සජීවීව තිබෙන කාලයයි.

දින විසි අටකට වරක් නිවැරදිව ඔසප්වීම සිදුවන කාන්තාවකට නම් දින 14කදී බීජය පිටවීම සිදු වේ. එහෙත් මෙම දිනය නියතයක් නැත. දින තුනක් හෝ හතරක් ඉදිරියට හෝ පසුපසට මෙම කාලය අඩුවැඩි විය හැකිය. ඒ නිසා සරු කාලය ලෙස හඳුනා ගැනීමට වඩාත් සුදුසු ඔසප්වීමෙන් දින 10 - 18 අතර කාලයයි. මෙහිදී දින 10 - 18 අතර සරු කාලය ගණන් කර බලෙන්නේ ඔසප්වීම අවසන් වූ දිනයේදී සිට නොව ඔසප්වීම ආරම්භ වූ දින සිටය. දරුවෙකු බලාපොරොත්තුවෙන් ලිංගිකව එක්විය යුත්තේ මෙම සරු කාලයේදී ය.

සරු කාලය දැනගන්නේ කොහොමද?

ඔසප්වීමෙන් දින 10- 18 අතර කාලයේදී ඩිම්බ මොචනයක් සිදුවී ඇත්දැයි දැන ගැනීම සඳහා පරීක්ෂණ කිහිපයක් ඇත. හෝමෝන පරීක්ෂා කිරීමද ඉන් එකකි. ඒ අනුව මූත‍්‍ර පරීක්ෂණය මඟින්ද එය නිවැරදිව තහවුරු කරගත හැකිය. එහිදී මූත‍්‍රවල LH හෝමෝනය තිබේදැයි පරීක්ෂා කිරීම සිදුකෙරෙන අතර තමන්ටම මෙම පරීක්ෂණය නිවෙසේදී සිදුකරගත හැකිය. ඒ සඳහා ovulation predictor clip  එකක් භාවිතා කිරීම සුදුසු වේ. එය ෆාමසිවලින් මිලදීගත හැකි ය.

මෙම predictor clip එක මැදට මූත‍්‍ර බින්දුවක් දැමූ විට ඩිම්බ මෝචනයක් සිදුවී තිබේ නම්, එහි රේඛා දෙකක් මතු වේ. ඩිම්බ මෝචනයක් සිදු වී තිබේදැයි පරීක්ෂා කර බැලීමේ නිවැරදිම ක‍්‍රමය එයයි. එසේ නැතිනම් ස්කෑන් කිරීමෙන්ද පරීක්ෂා කර බැලිය හැකිය. ස්කෑන් කර බැලීමේදී ද නිශ්චිත වශයෙන් එය හඳුනාගත හැකිය.

බිරිඳ හෝ සැමියා එකට වාසය කරන කාලය අඩු නම්, ඔවුන් එක්විය යුත්තේ මෙම සරුකාලය තුළදී ය. විශේෂයෙන් දරුවකු සඳහා ප‍්‍රතිකාර ලබාගන්නා යුවළක් නම් ඔවුන් අනිවාර්යයෙන්ම මෙම සරු කාලය තුළදීම එක්විය යුතුය. එසේ නැතිනම් ප‍්‍රතිකාර අසාර්ථක විය හැකිය.

ඔසප්වීම අක‍්‍රමවත් නම්

කාන්තාවත් අතර වැඩි වශයෙන් සිටින්නේ ඔසප්වීම අක‍්‍රමවත් අයයි. බොහෝවිට ඡුඣී රෝගය තිබෙන තරබාරු කාන්තාවන්ට තරබාරුකම නිසා ඩිම්බ පිටවීමක් සිදු නොවේ. මේ හේතුව නිසා ද ඔසප් නොවේ. එවැනි කාන්තාවන්ට ඩිම්බ පිටවීම සඳහා ඖෂධ ලබාදිය යුතුය. එසේ නැතිනම් මනා ආහාර පාලනය සහ ව්‍යායාම මඟින් සිරුරේ බර අඩුකර ගැනීමෙන් ක‍්‍රමානුකූල ඔසප්වීමක් ඇතිකර ගත හැකි ය. ඔසප්වීම අක‍්‍රමවත් වීමටද බලපාන විවිධ රෝග රැසක් තිබෙන නිසා මුලින්ම ඒ සඳහා කල්තියා වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව ගැබ් ගැනීම සඳහා ප‍්‍රතිකාර ලබා ගත යුතුය.

උපදෙස් - ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී.ඒ. රාජපක්ෂ

සටහන නයනා උදයංගනී

 



අදහස් (1)

බබෙක් බලාපොරොත්තුු වෙනවා නම් සරු කාලයේදී පරෙස්සම් වෙන්න

saman Wednesday, 03 January 2024 01:08 PM

අනේ සර්, දැන්වත් විවේකයක් ගන්නකෝ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 635 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site