IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


බබාට මදි ​නොවෙන්න කිරි දෙන හැටි

ලෝක මවුකිරි දීමේ සතිය මෙම මස පළමුවැනිදා සිට 7 දින දක්වා යෙදී තිබෙනවා. ඊට සමගාමීව මෙම මාසය මවුකිරි දීමේ මාසය ලෙස නම්කර තිබෙනවා. මේ සටහන මවුකිරි දෙන ආකාරය පිළිබඳවයි.

දරුවා ඉපදී මාස හයක් යනතුරු

දරුවා ඉපදී පළමු පැය තුළ මවුකිරි ලබාදීම ආරම්භ කළ යුතු අතුර මාස හයක් ගතවනතෙක් මවුකිරි දීම අත්‍යවශ්‍ය ය. එනම් එම කාලය තුළ වතුර, කැඳ, පලතුරු යුෂ හෝ වෙනත් කිසිදු දියර වර්ගයක් ලබා නොදිය යුතුය. එහෙත් එම කාලය තුළ දරුවා අසනීප වුවහොත් ඖෂධ ලාබාදම වරදක් නොවේ.

එමෙන්ම මාස හයෙන් පසු මවුකිරි දීම නැවැත්වීමටද අවශ්‍ය නැත. දරුවා කිරි උරා බොන්නේ නම්, තමන්ට කිරි ඇත්නම් දරුවාට වයස අවුරුදු දෙකක් ගතවන තුරුත් කිරිදීම සුදුසුය. එයින් දරුවාගේ ප්‍රතිශක්තිකරණය සහ පෝෂණය තවත් ඉහළ යයි. එය දරුවාගේ නිරෝගීබවට ඉතා අගනේය.

අම්මා වැඩට යන්න ඕනෑද?

සාමාන්‍යයෙන් අලුත් අම්මා කෙනෙකුට දින 84 ක අනිවාර්ය ප්‍රසුත නිවාඩුවක් ලැබෙන අතර රාජ්‍ය සහ සමහර පෞද්ගලික ආයතනවල වැටුප් භාගයක් සහිත, වැටුප් රහිත ලෙස එම නිවාඩු කාලය දීර්ඝ කර ගැනීමේ පහසුකම් තිබේ. එමෙන්ම නිවෙසේ සිට රාජකාරි කිරීමේ පහසුකම්ද හුඟක් ආයතනවල ලබාදෙයි.

කල්තියා සැලසුම් කරන්න

ඔබගේ ප්‍රසුත නිවාඩු අවසන්වන දිනය ඔබ දන්නා බැවින් ඊට දින කිහිපයකට පෙර දරුවා බලාගන්නේ කවුද? කිරි දෙන්නේ කොහොමද යන කරුණු විසඳාගත යුතුයි. මක්නිසාදයත් දොවාගත් මවුකිරි දරුවාට පොවන ආකාරය දරුවා බලාගන්නා පුද්ගලයා විසින් හොඳින් දැනගත යුතු නිසයි. වැඩට යන දවසේ උදෑසන කිරි දොවා දරුවාට පෙවීමට උත්සාහ කිරීමෙන් සිදුවන්නේ දරුවා කිරි නොබීම සහ එබ තව තවත් ආතතියට පත්වීමය.

දොවාගන්නා කිරි පෙවිය යුත්තේ කෝප්පයකින් බැවින් ඒ සඳහා නිසි පුහුණුවක් දරුවා බලාගන්නා පුද්ගලයාට තිබිය යුතු අතරම දරුවාටද කෝප්පයෙන් කිරි බීමට හැකියාව තිබිය යුතුය.

දොවාගන්නේ මොහෙමයි

කිරි දෙවීමට දවසේ වශේෂිත කාලයක් නැති අතර මව විවේකී මෙහොතක් වඩාත් සුදුසුය. කිරිදෙවීම පහසු කරන විවිධ අපකරණ වෙළෙඳපොළේ දක්නට තිබුණත් වඩා සුදුසුම ක්‍රමය අතින් දෙවීමය.. එනම් කිරි දෙවීමට පෙර මව සබන් දා හොඳින් දෑත් සොදාගන්නා බැවින් එහිදී කිරිවලට විසබීජ ඇතුළුවීම අවමය. වෙළෙඳපොළේ ඇති කිරි දොවන උපකරණවල කුඩා නළ සහ වෙනත් උපකරණ රැසක් තිබෙන අතර ඒවායෙන් එකක් හො නැතිවණොත් කිරි දෙවීම අපහසුය. එමෙන්ම එම උපකරණ සේදූ පසු එක් කිරි බිංදුවක් හෝ රැඳී තිබුණොත් එය නරක් වී දරුවාට විසබීජ ඇතුළු විය හැකිය. එමෙන්ම එම උපකරණවලින් කිරි දෙවීමට පුහුණවක්ද අවශ්‍යය.

කිරි දෙවීමට වඩාත්ම සුදුසු කට පළල් කෝප්පයකි. එම කිරි කුඩා කොප්පවලට දමා ප්ලාස්ටික් පෙට්ටියක් ඇතුළෙන් තබා හොඳින් පියන වසා ශීතකරණයේ තැන්පත් කරන්න. එසේ පියන වැසූ පසු ශීතකරණයේ මස්, මාළු තිබුණත් කිරිවලට එයින් බලපෑමවක් වන්නේ නැත. දොවාගත් මවුකි දින 4 – 5 ක් සාමාන්‍ය ශීතකරණයේ තැබිය හැකි බැවින් දරුවා පානය නොකළ මවුකිරි ඉවත නොදමා නැවත වරක් දරුවාට දිය හැකිය.

දොවාගත් කිරි දෙන්නේ කොහොමද?

කිසිවිටෙකත් බෝතලයකට දමා සුප්පුවෙන් කිරි දීම සුදුසු නැත. ඒ වෙනුවට කුඩා කෝප්පයක් භාවිත කරන්න. ශීතකරණයෙන් ඉවතට ගත් කිරි උණු වතුර භාජනයකින් තබා රත් කිරීමෙන් අනතුරුව දරුවාට පොවන්න.

බබා අඬන්නෙ කිරි මදිවෙලාද?

බිලිඳා ඇඬීමට විවිධ හේතු තිබිය හැකිය. බඩගින්න එහි එක් හේතුවක් පමණි.

දරුවෙකුගේ අක්මාව පළමු දිනයේ ලොවි ගෙඩියක් තරම් කුඩාය. එය බිත්තරයක් තරම් විශාලවීමට මාසයක පමණ කාලයක් ගත වේ. එබැවින් දරුවාට කිරි අවශ්‍ය වන්නේ ඉතා කුඩා ප්‍රමාණයක් පමණි. ඔබ හිතන තරම් , ඔබ කැමති තරම් කිරි දරුවාට බීමට නොහැක.

තමන්ට කිරි නැතැයි සමහර අම්මලා දුක් වේ. එහෙත් දරුවෙක් ඉපදුණු මවකට කිරි ඕනෑතරම් එරෙයි. සොබාදහම එයයි. එබැවින් මෙවැනි විටෙක කල යුත්තේ මවට කිරි නැතැයි අපහාස කිරීම නොව ඇයට සහායවීමය. කිරි එරීමට මව​ගේ මනසික සතුටද බලපායි. මෙතැනදී ඇත්තටම සිදුවන්නේ කිරි දෙන ආකාරය මව නොදැන සිටීමය.

බබාගේ හිස සහ කඳ එකම රේඛාවක සිටින සේ තබාගන්න. ඉන්පසු බබා කට අරිනවිටම පියයුරට ළං කරන්න. බබාගේ කට හොඳට අරියෝලාව (කළුපාට කොටස) ඇතුළටම යා යුතුය. තන පුඩුව පමණක් කට ඇතුළට ගියොත් කිරි උරාබීමට නොහැක. එසේ දරුවා කිරි බී අවසන් වනතෙක් එකම ඉරියව්වෙන් මව සහ දරුවා සිටිය යුතු අතර පියයුර මාරු කරමින් කිරි දීමෙන් පියයුරු දෙකම හිස් කරගත හැකිය. පියයුරට නැවත කිරි ගලා එන්නේ එය හිස්ව තිබුණොත් ය.

උපදෙස්- කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්‍ඨ කථිකාචාර්ය ද සොයිසා කාන්තා රෝහලේ නව ජන්ම ඒකකයේ විශේෂඥ වෛද්‍ය නිශානි ලුකස්

උදේශිකා නෙලුම්දෙනිය

 



අදහස් (0)

බබාට මදි ​නොවෙන්න කිරි දෙන හැටි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 792 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 919 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 379 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site