IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


බිඳවැටුණු ආර්ථිකය ගොඩගන්න සමඟි ජන බලවේගයෙන් වැඩි ඉඩක්

 (නිමල කොඩිතුවක්කු)

කොරෝනා වසංගතයෙන්  පසු බිදවැටුණු  රටේ ආර්ථිකය, ජන සමාජය සහ දේශීය කර්මාන්ත හා නිෂ්පාදකයින් රැකගැනිම වෙනුවෙන්  සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් විශේෂ අවස්ථාවක් ලබාදීමට ඉලක්ක කර ඇතැයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කොළඹදී අද(6) පැවසීය.
 
බලාපොරොත්තු කන්දක් සමඟ  හැට නව ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කලත් අද රට බරපතල ව්‍යසනයකට පත්ව ජනතාවගේ බලාපොරොත්තු සුන්වී ඇතැයිද  අත්තනායක  මහතා සඳහන් කළේය.

සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලයේ  අද (6) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව  පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මෙසේද කීවේය.
 
     “අද අපේ රට  ණය ගෙවන්න බැරි ආයෝජකයො එන්නෙ නැති රටක් බවට පත්ව තිබෙනවා. රටේ  ආර්ථිකයේ  සහ මූලය කඩාවැටීම මේ තත්වයට මූලික හේතුවක්.  ලෝකයේ ආදායම් වර්ගීකරණය අනුව අපි පහල ආදායම් ලබන රටක් බවට මේ ආණ්ඩුව යටතේ පත්ව තිබෙනවා.
 
සෞභාග්‍යයේ දැක්ම දැන් මාස නමයක්  තිස්සේ ක්‍රියාත්මක වෙනවා. මේ මාස නමය ඇතුලත රට ඉස්සරහට  ගෙනියන්න කිසිම වැඩපිලිවලක් මේ ආණ්ඩුවට නැති බව තමයි මේ තත්වයෙන් පැහැදිලි වෙන්නේ.
 
මේ ආන්ඩුව යටතේ අද කිසිම සැලසුමක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කොරෝනා වසංගතයත්  එක්ක ඇද වැටුණු  ආර්ථිකය, වෙළඳපොල  සහ අප රටේ සංවර්ධන උපාය මාර්ගයන් වර්ධනය  කරන්න පුලුවන් ජාතික වැඩපිලිවලක්  තවමත් ආන්ඩුව ඉදිරිපත් කරලා නැහැ.
 
එක පැත්තකින් අපි  අධික ණය බරක සිරවී සිටිනවා. දෙවනුව මූල්‍ය  තත්වය ආරක්ෂා කිරීමට ආණ්ඩුවට කිසිදු වැඩපිලිවලක් නැහැ.  අනික් පැත්තෙන් අපේ ආදායම් එන්න එන්න බරපතල ලෙස කඩාවැටෙනවා.  මේ වගේ තත්වයක් එක්ක රටක් විදියට අපිට ඉස්සරහට යන්න බැහැ.

හැට නමලක්ෂයක් ජනතාව බලාපොරොත්තු කන්දක් එක්ක ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කලත් අද රට බරපතල ව්‍යසනයකට පත්වෙලා තියෙනවා. පාර්ලිමේන්තු  ක්‍රියාවලිය නැවතීම මේකට එක හේතුවක් බවට පත්ව තිබෙනවා.  රටේ මූල්‍ය සහ ආර්ථික අර්බුදය ගැන කතා කරන්න අද මහජන සභාවක් නැහැ.  පාර්ලිමේන්තුව රැස්වෙන දිනයක්වත් නියම කරන්න අද ජනාධිපතිවරයා අසමත් වෙලා තිබෙනවා.
 
අද ගොවිජනපදවල බරපතල ප්‍රශ්ණයක් තිබෙනවා. විශාල පෙහොර හිගයක් අද රට පුරා තිබෙනවා. ගොවින්ට නොමිලේ පොහොර දෙනවා කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ගොවිජනතාව අද ජනාධිපතිගෙන්  මුදල් වලට හරි පොහොර ඉල්ලනවා.  මේ පොහොර හිගයතත් එක්ක  බරපතල ආහාර අර්බුදයකට අද රට පත්වෙලා තියෙනවා. වහාම මේ තත්ත්වයට  විසදුමක් ලබාදෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.
 
ජනාධිපතිවරනයේදි දුන් පොරොන්දු ඉටුකරන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. දැන් වී වලට, රබර් වලට සහතික මිලක් දෙනවා කිව්වා. මේ  සහතික මිල කෝ කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. ආන්ඩුවේ මේ වැඩපිලිවල නිසා අද ජනතාව  මේ කර්මාණ්ත වලින් ඈත් වෙනවා.
 
රටේ ඇතිවෙලා තිබෙන මේ ආර්ථිකයත්  එක්ක අපි දේශීය නිශ්පාදකයන්, ගොවින් රැක ගැනීමේ ජාතික වැඩපිලිවලකට යායුතුව තිබෙනවා. සමගි ජනබලවේගය ආන්ඩුවක් යටතේ මේ පිලිබඳ විශේෂ අවධානයක් යොමු කරනවා. 
 
අපේ ප්‍රතිපත්ති ප්‍රකාශණයෙන්  අපි ඉලක්ක කරලා තියෙන්නේ කොරොනා වසංගතයෙන්  පසු බිදවැටුනු රටේ ආර්ථිකය, බිදවැටුනු ජන සමාජය සහ දේශීය කර්මාන්ත හා නිශ්පාදකයින් රැකගැනිම වෙනුවෙන්  විශේෂ අවස්ථාවක් ලබාදීමටයි” යැයිද ඔහු එහිදී පැවසීය.

 



අදහස් (0)

බිඳවැටුණු ආර්ථිකය ගොඩගන්න සමඟි ජන බලවේගයෙන් වැඩි ඉඩක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site