(ප්‍රසාද් රුක්මල් )

බදුල්ල ශික්ෂණ රෝහලේ ආපන ශාලාව දැනට වසා දමා තිබීමට එරෙහිව රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සේවක පිරිස අද (23) රෝහල ඉදිරිපිට දී විරෝධතාවක නිරතවූහ

දැනට මාස කීපයක් පුරා මෙසේ බදුල්ල ශික්ෂණ රෝහලේ පිහිටි ආපනශාලාව හිටි හැටියේම වසා දමා තිබිම නිසාවෙන් රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන රෝගින්ද ,රෝගීන් බැලිමට එන උදවියද දැඩි අපහසුතාවට පත්ව සිටින බවත්,ඔවුනට තේ, කෑමබීම ගැනිමට රෝහලෙන් පිටතට යාමට සිදුවි ඇති බවත් විරෝධතාවේ නිරතව සිටින රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෝ පැවසුහ.