IMG-LOGO

බෞද්ධ දූත පිරිසක් ශී‍්‍ර ලංකාවේ සංචාරයක

දකුණු වියට්නාමයේ සංඝනායක  හිමිනමක් වූ පූජ්‍ය පාම් වැන් චැං හිමියන් ප‍්‍රමුඛ බෞද්ධ දූත පිරිසක්  පසුගිය දා ලංකාවට වැඩම කළහ. උන්වහන්සේලා කොටවෙහෙර දැලිවල රජමහා විහාරයේ සර්වඥ ධාතුන්වහන්සේලා වැද පුදා ගැනීමෙන් අනතුරුව මහනුවර දළදා මාළිගාවට වැඩම කොට උතුම් දළදා වහන්සේ වැදපුදා ගත්හ.

කොළඹට පැමිණි අවස්ථාවේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම බෞද්ධ දූත පිරිස අරලිය ගහ මන්දිරයේදි පිළිගනු ලැබිණ. අනතුරුව විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ මෙම දූත පිරිස විපක්ෂ නායකවා සමගද පිළසදරකට එක්වූහ.

අම්බලන්ගොඩ අලුත්වල පුරාණ නන්දාරාමයේ ආගමික වැඩ සටහන් කිහිපයකට සහභාගි වූ මෙම බෞද්ධ දූත පිරිස එහි දහම් පාසල් දරු දැරියන්ට ත්‍යාග ප‍්‍රදානය කළහ. ගාල්ල මකුලොළුව ශ‍්‍රී බුද්ධසිංහාරාමයේ සර්වඥ ධාතු පූජාවකට සහභාගීවීමෙන් පසුව  මුල්ලේරියාව උතුර ගලහිටියාව පුරාණ විහාරස්ථානයේදී සියය ඉක්මවූ මහ සඟරුවන විෂයෙහි සාංඝික දානමය පිංකම සඳහා ප‍්‍රධාන අනුග‍්‍රහය දැක්වූහ. මෙම අවස්ථාවට වියට්නාමයේ ශ‍්‍රී ලංකා තානාපතිනිය ද සහභාගි වූවාය. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගල්ලැල්ලේ සුමනසිරි නාහිමියෝ ද මෙම අවස්ථාවට වැඩම කළහ.

ශී‍්‍ර ලංකා සංචාරයේ අවසන් කොටසේදී අනුරාධපුර අටමස්ථානය ඇතුළු පූජනිය ස්ථාන වැදපුදා ගත් මෙම වියට්නාම බෞද්ධ දූත පිරිස උතුරු මැද ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ද හමුවූහ.

 



අදහස් (0)

බෞද්ධ දූත පිරිසක් ශී‍්‍ර ලංකාවේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 350 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 894 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site