රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු
බිත්තරවල නව සංශෝධිත මිල සම්බන්ධයෙන් තමන්ට එකඟ විය නොහැකි බව බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය අභියාචනාධිකරණයට අද (15) දැනුම් දුන්නේය.
සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා මෙම දැනුම්දීම කළේ මේ සම්බන්ධයෙන් ගොනු කර තිබූ පෙත්සම ප්‍රසන්න ද සිල්වා සහ ඛේමා සවර්ණාධිපති යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
එහිදී බිත්තර සඳහා පාලන මිලක් නියමකරන ලෙස පසුගිය අගෝස්තු 19 වැනිදා පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කර තිබූ ගැසට් නිවේදනය නඩු විභාගය අවසාන වන තෙක් අත් හිටුවීමට අතුරු නියෝගයක්ද නිකුත් කෙරිණි.
මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා කියා සිටියේ පෙරේදා (14) රැස්වූ පාරිභෝගික සේවා කවුන්සිලය විසින් සුදු බිත්තරයක් සඳහා රුපියල් 42 ක්ද රතු බිත්තරයක් සඳහා රුපියල් 44 ක්ද උපරිම සිල්ලර මිල ලෙස නියම කිරීමට තීරණය කර ඇති බවය.
ඊට විරෝධය පළ කරමින් කරුණු දැක්වූ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා කියා සිටියේ එම මිල ගණන් වලට එකඟ විය නොහැකි බවත් එය පාලන මිල ගණන්වලට අඩු බවත්ය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
බිත්තරයකට රජයේ නව මිල දැනුම් දෙයි
Sunil Thursday, 15 December 2022 12:24 PM
අධිකාරිය මේ වියදම් කරන්නේ බිත්තර හිඟයක් ඇතිකරන්න.
jayaThursday, 15 December 2022 01:13 PM
මේ මාසයේ බිත්තර දාපු කුකුලන්ගේ මස් අඩුවට කමු. ලබන මාසයේ ඉඳල කැඳ බොන්න පුරුදු වෙමු. ගණන් හින්ද එළවලු දැනුත් කන්න බෑනේ.
Perera Thursday, 15 December 2022 01:23 PM
පාරිභෝගික අධිකාරියට පුළුවන්ද ඔය කියන ගාණට බිත්තර විකුණන්න..?
ලුම්බිණි Thursday, 15 December 2022 01:54 PM
පාරිභෝගික අධිකාරිය රටට යහපත් දෙයක් කලේ ඉතාම කලාතුරකින්.
Ananda Thursday, 15 December 2022 02:46 PM
ෆුඩ් සිටිවල වල රු 55/= 60/=
LalithM Thursday, 15 December 2022 04:34 PM
මිල තීරණය කරන්න වෙළෙඳපලට ඉඩදෙන්න.
Dewdrop Friday, 16 December 2022 08:39 AM
තවමත් බැරිඋනා බිත්තරයකට මිලක් නියම කරන්න ඉතිං ඉතුරු දේවල් ගැන කතා කරන්න දෙයක් තියෙනවද?