IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


බණ්ඩාරවෙල සම්බාහන මධ්‍යස්ථානයක් වටලා 5ක් අත්අඩංගුවට

(ඩී.කේ.රත්න )

කොරෝනා වයිරසය පැතිරීයාමට උපකාරී වන අයුරින් බණ්ඩාරවෙල ස්ප‍්‍රීංවත්ත ප‍්‍රදේශයේ පවත්වා ගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් වටලා එහි සිටි 5 දෙනෙකු අද (28) හවස  අත්අඩංගුවට ගෙන ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පැවසීය.
 
අම්පාර , මිනුවන්ගොඩ සහ මහනුවර ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 21 , 25 සහ 27 වයසේ පසුවන තරුණියන් තිදෙනෙකු බණ්ඩාරවෙල උතුරු කැඹිල්ලෙවෙල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක තරුණයෙකු සහ දියතලාව කදුරුගමුව ප‍්‍රදේශයේ පදිංචි මෙම සමබාහන මධ්‍යස්ථානය පවත්වා ගෙන ගිය පුද්ගලයාද බණ්ඩාරවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
කොරෝනා වයිරසය පැතිරීයාමේ අවදානමක් මතුවීම නිසා සම්බාහන මධ්‍යස්ථාන වසා දමන ලෙසට දැනුවත් කර තිබියදී මෙම පුද්ගලයා තරුණියන් යොදවමින් සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන බවට බණ්ඩාරවෙල පොලීසියට ලැබුණු තොරතුරුත් මත මෙම වැටලීම සිදු කර තිබේ.
 
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.



අදහස් (4)

බණ්ඩාරවෙල සම්බාහන මධ්‍යස්ථානයක් වටලා 5ක් අත්අඩංගුවට

විපරමා Tuesday, 28 April 2020 01:12 PM

කොරෝනා අස්සේ පොඩි ආතල් එකක් ගන්ඩ ගිහින් වගේ?

:       20       120

Appuhami Tuesday, 28 April 2020 03:22 PM

ස්පා කිව්වට මෙවගේ වෙන්නේ පැරණිම රස්සාවනේ...

:       34       170

Rohana Tuesday, 28 April 2020 04:58 PM

මොන දේවල් ගත්තත් කොරෝනා හදාගෙන දුක් විදින්න වෙයි. ගන්න කලට සැප මිහිරිය මීසේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ කියල තියෙනව මතකද?

:       0       86

wije Wednesday, 29 April 2020 03:34 AM

අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන්න නීතියෙන් අවසර තියනවනේ. අනේ ඉතින් මේවාත් අත්‍යාවශ්‍ය කට්ටිය ඉන්නවා ඇතිනේ..

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31636 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14061 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site