ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන බැංගලෝරයට මේ වනවිට අඟුළු දමා ඇත.
ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියනයකට ආසන්න වී තිබෙන අතරදෛනිකව වාර්තා වන ආසාදිත මරණ ගණන 500ක් වී තිබේ.
ඉන්දියාව පසුගිය මාර්තු මාසයේදී මුළු රටටම ‘ලොක්ඩවුන්’ සීමා පැනවූඅතර එය ලොව රටක් පැනවූ දැඩිම සීමාවලින්එකක් ලෙස ද සැලකුණි. එහෙත් මැයි මාසයේ සිට එම සීමා ලිහිල් කිරීමට ඉන්දියාව ක්‍රමයෙන් පියවර ගත්තේය.
ඉන්දියාවෙන් අද (15) පස්වරු වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 9,36,181ක් වූඅතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 24,309කි.
මෙම සංඛ්‍යාවලින් ඉන්දියාවේ සැබෑ ස්වරූපය පෙන්නුම් නොකරන බවත් තත්ත්වය මීට වඩා දරුණු බවත් බොහෝවිශේෂඥයෝ අනතුරු අඟවති.
නව කොරෝනා වයිරසයෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ නගර වන්නේ නවදිල්ලිය සහ මුම්බායි වන නමුත්මේ වනවිට බැංගලෝරය ද වයිරසය පැතිර යෑමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබේ. බැංගලෝරයේ ජනගහනයමිලියන 13කට ආසන්න වේ.
බැංගලරෝයට පැනවූ නව සීමා ඊයේ (14) රාත්‍රී 8 සිට ක්‍රියාත්මක වේ. හදිසි අවශ්‍යතා සඳහා පමණක් ප්‍රවාහන සේවාභාවිත කළ හැකි අතර අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසැල් පමණක් විවෘතව තැබිය හැකි.
බැංගලෝරයේ ප්‍රධාන ආදායම් මාර්ගය මෙන්ම එම නුවර ජීවනාලිය වන්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයයි. ගෝලීයසමාගම් රැසක තොරතුරු තාක්ෂණ සේවා මෙන්ම ඒවායේ මෙහෙයුම් කටයුතු සිදුවන්නේ ද බැංගලෝරයේ ය. කාර්යාලරැසක් එම නුවර පිහිටා ඇත. වත්මන් ලොක්ඩවුන් සීමා සමඟා එක් අවස්ථාවකදී ඒවායේ සේවය කළ හැක්කේ සම්පූර්ණකාර්යමණ්ඩලයෙන් සියයට 50කට පමණි.
ඒ.එෆ්.පී.
055
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
බැංගලෝරයට අඟුළු දමයි