IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බකතපස් රකින ලතුවැකියෝ

(චන්ද්‍රසේන ගමගේ)

දේශීය පක්ෂියෙකු වූ ‘’ලතු වැකියා’’ වාසය කරන්නේ වියළි දේශගුණයක් සහිත තෙත්බිම් වලය. ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ වෙසෙන ‘’ලතු වැකියා’’ගේ ප්‍රධාන වාස භූමිය වූයේ බූන්දල කුරුලු අභය භූමිය හා කළමැටිය කුරුලු අභය භූමියයි.

මාසයකට අධික කාලයක් තිස්සේ පැවති ඇදිරි නීතිය නිසා දකුණු ප්‍රදේශය තුළ මිනිස් ක්‍රියාකාරකම් අඩු වී තිබීම හේතුවෙන් ගහ කොළට නව පණක් ලැබිණි. අපවිත්‍ර වී තිබූ තෙත් බිම් සියල්ල ස්වාභාවික තත්වයට පත් වූහ. පියාසර කරන්නට තැනක් නැතිව සිටි ලතුවැකියාට ද නිදහසක් ලැබුණි.

ලතුවැකියා මේ දිනවල හම්බන්තොට දිස්ත්‍රික්කයේ නව තෙත් බිම් පෙදෙස්වල සැරි සරන අයුරු මෙලෙස කැමරාවට හසු විය.



අදහස් (7)

බකතපස් රකින ලතුවැකියෝ

ravi Saturday, 09 May 2020 07:55 AM

මෙක ඉතින් අපේ ලාංකිකයින්ගේ හැටිනේ...

:       25       40

Pradeep Saturday, 09 May 2020 08:26 AM

සොබා දහමට වින කරනා මිනිසා අකර්මන්‍ය වන විට සොබා දහම විකසිත වන අකාරය විශිෂ්ටයි..

:       22       15

විජිත් Saturday, 09 May 2020 09:50 AM

"..ෂෝක් වතුර ටික.. හරිම පැහැදිලියි.. ඕන තරම් මාළු... එහෙට මෙහෙට පිහිනනවා... හිටපු ගමන් උඩත් පනිනවා.... හරියට 'අපිව අල්ලාගන්න..' කියනවා වගේ. එත්...පෙර ආත්මයක කරනලද පව් නිසා අපි මේවගේ කුරුල්ලන්වෙලා..මාලු වගේ සතුන් ආහාරයට ගන්න සලස්වලා..ඒකට කියන්නේ කර්මය කියලාලු.එත්...මේ කර්මයෙන් මිදෙන්නේ කොහොමද...?මාළු නොකා අපි මොනවා කන්නද...මිනිස්සු වගේ පාන්,බත් කන්නද...?බැහැ ..අනේ අපිත් අසයි සතුන් නොමරා ඉන්න.. එතකොට අපි ජිවත් වෙන්නේ කොහොමද...? මේ ප්‍රශ්නය විසඳාගන්න බුදුන් වහන්සේවත් හිටියා නම්.. කෙසේ වෙතත් අද වෙසක් පොහොය දිනය. අදට වත් අපි ට්‍රයි කරලා බලමු ... වෙජිටේරියන් වෙන්න.. එතකොට මේ අනන්තවූ භව ගමන ඩෙල්ටා ප්‍රමාණයකින් හරි අඩුවෙන්නේ නැතැයි.. මාලුවනේ අද සුබ වෙසක්..!!!..."

:       52       125

පුජා Saturday, 09 May 2020 06:46 PM

විජිත්ගේ කොමන්ටුවට හිනා ගියත් , හරිම රසවත් විදිහට ඉදිරිපත් කිරීම ගැන ස්තුති වන්ත වෙනවා.. මෙයාලා බකතපස් රකින්නේ මාළුවෙක් අල්ලගන්න විතරක්නේ. ඒත් අපේ සමහර මිනිසුන් කියන සත්වයා , සුදුපිරුවට සැරසිලා කරන පව් ගැන සිතන කොට නම් , මට හිතෙන්නේ මේ අසරණ පක්ෂීන් ඇත්තටම අහිංසකයි කියලා.

:       0       54

විජිත් Sunday, 10 May 2020 11:29 AM

ස්තුතියි පූජා...

:       0       7

leel gunawardena Sunday, 10 May 2020 09:50 PM

සොබාදහමට කරන ලද විනාශය නිසා මුලුලෝකයම වගේ දැන් විඳවනවා.. නමුත් මිනිසාට මෙය තේරුම් ගන්නට හැකිවෙයිද? කියන එක මට තේරුම් ගන්නත් බැහැ.

:       0       2

Jayasiri Madampe Monday, 11 May 2020 02:23 AM

අපේ සමහර පන්සල් වලත් මෙහෙම අය ඉන්නවා. ඔක්කොම නෙවෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 144 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 43 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 741 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site