IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පෞද්ගලික බැංකු ලොක්කාගේ නිවසේ ගිනි අවි ජීව උණ්ඩ

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පෞද්ගලික බැංකු මූලස්ථානයක විධායක අධ්‍යක්ෂකවරයෙකුගේ. නාරහේන්පිට නිවසේ සඟවා තිබූ  ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සමඟ එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

එම නිවස තුළ තිබී mauser 6.35 මා දිලී කුඩා පිස්තෝල අවි එකක් සහ එම පතරොම් ගැබක් , 9 එම් එම්  වර්ගයේ ජීව උණ්ඩ 400 ක්   7.62  ජීව උණ්ඩ 278 ක්  0.22  වර්ගයේ ජීව උණ්ඩ 100  ක් 303 වර්ගයේ ජීව උණ්ඩ 15 ක්  බෝර දොළහ වර්ගයේ පතුරම් 350 ක් බෝර දාසය වර්ගයේපතුරම් 25 ක් මෙන්ම විදේශ රටක නිෂ්පාදිත berenta ,santa , hatson escort ,glaock 19 gen semi auto pietal වර්ගයන්ට අයත් ගිනි අවි 4 ක් සහ මැගසින් 2  ක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු විසින් එම ගිනි අවි සඳහා ලබා ගන්නා ලදැයි බව කියන බලපත්‍ර හතරක් පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර එම බලපත්‍ර නීත්‍යානුකූලව ලබාගන්නා ලද බලපත්‍ර ද යන්න විමර්ශන කරන බව උසස් පොලිස් නිලධාරියේක් පැවසීය.

ඊට අමතරව සැකකරු ක්‍රීඩා සමාජයක සාමාජිකයකු බව සඳහන් හැඳුනුම් පතක් ද පොලිසිය වෙත ඉදිරිපත් කර ඇතැයි එම නිලධාරියා කීය. සැකකරු 49 හැවිරිදි  පුද්ගලයෙකි.

 

 



අදහස් (2)

පෞද්ගලික බැංකු ලොක්කාගේ නිවසේ ගිනි අවි ජීව උණ්ඩ

රනේ Friday, 07 February 2025 09:10 AM

ගිනි අවි බැංකුවක්?

:       0       6

ජිල්බු Friday, 07 February 2025 11:06 AM

බලපත්‍ර නීත්‍යානුකූල නැත්නම් නේද අත්අඩංගුවට ගන්නේ? නෑ, අත්අඩංගුවට අරගෙනම බලමු ඒව නීත්‍යානුකූලද, නැද්ද කියල. එතකොටනෙ අපිට රෙස්පට්.

:       3       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 274 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site