
(බී.ජී. චතුරංග)
රාජ්‍ය අනුග්‍රහය ලබා නොගෙන පවත්වන මෙවර පොසොන් පින්කම සඳහා ජනතාවගේ දායකත්වය ලබා ගැනීමට මිහින්තලේ නායක හිමියන් සහ ලෝක රූ රැජිනක්ව සිට පැවිදි දිවියට පත් එලිසබත් සුජාතා භික්‍ෂුණිය ඇතුළු මහා සංඝරත්නය පිඬුසිඟා වැඩම කළහ.
මෙවර පොසොන් උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය නොලැබෙන බව පවසමින් ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම සඳහා මෙලෙස පිඩු සිඟා වැඩියහ.
මෙම පිණ්ඩපාත චාරිකාව සඳහා එක් වූ ආචාර්ය එලිසබෙත් භික්ෂුණිය, පැවිදි දිවියට එළැඹීමට පෙර වියට්නාමයේ රෑ රැජිණ ලෙස සිව් වතාවක් කිරුළු දරා, 2006 වසරේදී ලෝක රූ රැජින ලෙස සිට පැවිදි දිවියට පත්ව අනතුරුව ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන සියලු සම්පත් අතහැර පැවිදි දිවියට එක් වූවාය.
මෙහිදී එලිසෙබත් සුජාතා භික්‍ෂුණින් වහන්සේ කියා සිටියේ මෙවර පොසොන් උත්සවය සඳහා තමන් ඇතුළු දූත පිරිස මිහින්තලයට වැඩම කළ බවය. තමන් ශ්‍රී ලංකාවට මෙන්ම මෙරට පුරවැසියන්ට වඩා කැමැති බවත්, මෙවර පොසොන් උත්සවය සාර්ථක කර ගැනීම සඳහා නාහිමියන්ට උදව් උපකාර කරන බව කීහ.
මෙම පිණ්ඩපාත චාරිකාව සඳහා එක් වෙමින් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති නායක හිමියන් මාධ්‍යයට කියා සිටියේ මිහිඳු මහා හිමියන් සමරන පොසොන් පින්කම වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහයක් නොලැබෙන හෙයින් පාත්‍රය සහ සිවුර දරා ගෙන ජනතාව අතරට පිඬු සිඟා වැඩම කොට ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගන්නා බවය. පොසොන් සති පිරිත , ආලෝක පූජාව , මිහිඳු පෙරහැර සමගින් මෙවර උත්සවය අති උත්කර්ෂවත් ලෙස පවත්වනු ලබන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර තඩි කාර්එක විකුණමුකෝ...!
අහෝ සම්බුද්ධ ශාසනයේ පරිහානියට පත්වීමක් නොවෑ තථාගත අරහත් සම්මා සම්බුදුරජුන් දන් වැළදු දාන පාත්‍රයට කෙසෙනම් මුදල් එකතු කරන්නට සිත් පහලවීද ලාභ සත්කාර කියන හෙනයට නොවැ ඔය වැටුනේ
උතුම් බුදු දහමේ කියන්නේ නැහැ ත්‍රාඩයෝ වගේ හැසිරෙන්න කියල . මෙතන චේතනාව වන්නේ තව පාර්ශවයක් කෙරෙහි වෛර කිරීම බව හරි පැහැදිලියි . මේ වෙනුවෙන් කිස්ත් නොදන්නා විදේශීය භික්ෂුනියක්ව භාවිතා කෙරෙනවා . ඔය පන්සලේ පිං කැටයට වසරකට කෝටි ගානක් ලැබෙනවා . ඒවා පිල්ලි යනවා . පොසොන් සමරන්න ජනතාවගෙන් ඉල්ලනවා . වංචාව නෙවෙයිද මේ?
බුදු දහමට කිසිම අනතුරක් නැත සැදැහැවතුනි ටිපර් නොවන්න. තේරුම් ගැනීමට පුළුවන් තරමට මනස දියුණු කරන්න. එලිසබෙත් සුජාතා භික්ෂුනි තෙරණිය මේවා ගැන දැනුමක් නැතුව ඇති.
හාමුදුරුවන්ගේ බීඑම්ඩබ්. එකට තියන බැදීම අඩු කරලා විකුණා, පෙරහර කරන්න බැරිද?
පාත්‍රය තිබෙන්නේ පිඩු සිගා ගැනීමට පමණයි. එය මුදල් එකතු කිරීම සඳහා භාවිතා නොකළ යුතුයි.
අපිත් බෞද්ධ බව ඇත්ත. ඒත් මිහින්තලේ නායක තැන නටන මේ විගඩම අවසන් කල යුතුයි. බෞද්ධාගම පැත්තකට දාල මේ දේශපාලන බලයක් නිර්මාණය කර ගැනීමට උත්සාහ දැරීමක්. රටේ මිනිස්සුන්ට ජීවත්වෙන්න අවශ්‍ය අවම තත්ත්වයක නැති වෙලාවේ මහා පෙරහර උත්සව කාට පෙනෙන්නට? ලෝකයම දන්නව ලංකාව බංකොළොත් කියල. ඒකට චීවරධාරීන් සැලකිය යුතු දායකත්වයක් ලබාදුන්න.අනවශ්‍ය නාස්තිකාර වියදම් මගින්.... කාටවත්ම වැඩක් නැති පන්සල් ගොඩනැගිලි දැවැන්ත චෛත්‍ය ආවාස.... සුඛ විහරණය...
අපොයි අපේ බුදුසසුන. වාක් සංවරයක් නොමැති, සම්මා වාචා නොදන්නා වාචාලයෙකුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද?
කෝ සජිත් ප්‍රේමදාස මහතා, ඔක්කෝම බලාගන්නම් කිව්වේ...