
(ගයාන් සූරියආරච්චි)
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර යන මහත්වරුන් ඇතුළු විශ්‍රාමික පොලිස් නිලධාරීන් ජාතික ජන බලවේගයට එක්වීමට විරෝධය පළකරමින් විශ්‍රාමික පොලිස්පතිවරුන් සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ එකමුතුවක් කෝට්ටේ සෝලිස් හෝටලයකදී අද මාධ්‍ය හමුවක් පැවැත්වීය.
එම මාධ්‍ය හමුවට හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ඇතුළු හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගිවූ අතර හිටපු පොලිපතිවරයා පැවැසූවේ වසර 150 ක් පමණ පැරැණි කීර්තිමත් ඉතිහාසයක් ඇති පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනයට රැගෙන ගොස් අපකීර්තියට පත් නොකර ලෙසත් එකල භීෂණ සමයේ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව විමර්ශන පැවැත්වූ නිලධාරීන්ම මේවනවිට ඒවාට සම්බන්ධ යැයි පැවැසෙන පුද්ගලයන්ට එකතුවීම පොලිස් දෙපාර්තමේන්තුවම කම්පනයට ලක්වී ඇති බව පැවැසුවේය.
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකිව යුතු ප්‍රධානම නිලධාරීන් දෙදෙනා ජාතික ජනබලවේගයේ පොලිස් සාමුහිකයේ ඉදිරිපෙළින්ම සිටින බවත් සහරාන්ගේ කණ්ඩායම 2018 වසරේ වව්නතිව් පොලිස් මුරපොළක සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා එකල පොලිස්පතිවරයා විසින් එම උසස් නිලධාරීන් දෙදෙනාට ලබාදුන්න ද ඔවුන් එම ඝාතනය සම්බන්ධයෙන් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් පිට පටවා සහරාන් ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමේ විමර්ශන වසා දැමූ බවත් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා කීය.
නැගෙනහිර පළාත බාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එඩිසන් ගුණතිලක, ජාත්‍යන්තර පොලිස් සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ උප සභාපති විශ්‍රාමික පොලිස් අධිකාරී නොර්ටන් ද සිල්වා, විශ්‍රමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ, දෙපාර්තමේන්තුව බාරව සිටි විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී සේනක කුමාරසිංහ, විශ්‍රාමික පොලිස් අධිකාරී ජයන්ත හේරත් ඇතුළු මහත්වරු එහිදී අදහස් දැක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් සහ රාජපක්ෂට කඩේ යන කට්ටිය පොලිසියට කීර්ති නාමයක් තියෙනවා නම් දාන්න කෝ මහබැංකු හොරුන්ව ඇතුළට? තාම රට කාපු හොරෙක්ව අල්ලගන්න බැරිවුණු පොලිසියට සහ සී.අයි.ඩි. යට ඉතින් කොහේද කීර්ති නාම?
කීර්තිමත් සේවාව? දැන් ඉන්න ලොක්කා කරපු වැඩ අමතකද? ගියපු අය කරන දේවල් බලන්න කලින් ඉන්න අය ගැන බැලුවොත් නරකද?
ඔයා රට හොරාකාලා හොරුන් අල්ලන්න බැරි වුණ හිටපු පොලිස් ලොක්කන්ට නිවන් සුව...
කීර්ති නාම නම් රැකිලා ඇති....කඩේ යන්නේ නැතිව රට හොරාකාපු අයව හිරේ දාලා නඩුදාලා තිබ්බා නම් අඩුගානේ සීනි වංචාවක් වුණා. කෝ ඇල්ලුවද? බැංකු වංචාවක් වුණා.. කෝ ඇල්ලුවද? තාජුදීන් මැරුවා... කෝ ඇල්ලුවද? ඔහොම කියවාගෙන යන්න පුළුවන්... හිටපු පොලිස් ලොක්කත් කඩේ ගිහිල්ලා දැන් කීර්ති නාමයක් ගැන කියනවා.
මොකද මේ කට්ටිය කලබල වෙලා. ගමන සුභයි ජය නියතයි. ඔහොම යං...
ආ මේ ඉන්නේ කපුටු බැසිල් නොහොත් ලෝක හොරාගේ පොලිෂ් කණ්ඩායම... මෙතැන ඉන්න සමහරු කපුටාට ආචාර කරන්නේ දෙකට තුනට හතරට නැමිලා. සමහරු කපුටාට ආචාර කරලා ජාම බේරාගන්න එයාපෝර්ට් එකටත් යනවා. මේ කණ්ඩායමේ ඉන්නවා පට්ට හොරු රැලක්...
ලොන්ත පොලොස් පෙන්ෂන්ගිය රාලහාමිලාට ගෙදර කරන්න දෙයක් නැති නිසා කරන දේවල් තමයි මේ. කරන්න දෙයක් නැතිනම් ගෙදරට වෙලා නෝනාට උයන්න පොල් ටිකක් ගාලාදෙනවා. වත්ත සුද්ධ කරනවා. තරු පටි ගහගෙන හිටපු කාලේ කරපු මිනීමැරුම්, හොරකම්, වල්කම් ,ජඩකම් ,කප්පම් ගැනීම් මතක් කරලා පන්සල් ගිහින් බණක් අහනවා. මේ කාගේදෝ ජරාවක් කාලා කරන සංදර්ශනයක්...
ඔන්න ඔය බය තියාගත්තාම ඇති...
බය වී ඇති කට්ටඩියා එක එක පිල්ලි එවීමට පටන් ගෙන ඇත..
පොලිස් ලොක්කන්ගේ එකතුව බලන්න...
ප්‍රජාතන්ත්‍රවාදී රටක විශ්‍රාමික පොලිස් නිලධාරීන්ට තමන් කැමැති පක්ෂයක දේශපාලනය කරන්න පුළුවන්. එය විවේචනය කිරීමත් සදාචාරසම්පන්න නොවෙයි. ඇයි මේ අය කලබල වෙන්නේ...? මේ අයගේ කලබලවීම ජනතාවට ලොකු සැකයක් ඇති කරනවා.
පණ තිබුණු කාලේ දේශකාපාලුවන්ට හොඳට මුට්ටි අල්ලලා, ජරාව කාලා ,දැන් වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න මේ නාකියෝ පුරුදු පරිදි කාගේදෝ ජරාවක් කාලා කරන රංගනයක් තමයි මේ. හැබැයි මොනවා කලත් සමාජයේ මේ යන රැල්ල නවත්වන්න උඹලා වගේ හෙන්චයියලාට බැහැ. සමහරවිට ඔතන ඉන්න කිහිපදෙනෙක්ට හංගපු පෙර වැරැදිවලට හිරේ යන්නත් වෙන්න පුළුවන්...
තිත්ත ඇත්ත එළියට එනකොට ලොක්කෝ බය වෙලා...?
පොලිස් කොමිසමේ ඉන්න කාලෙත් බැසිල්ගේ කකුල් ලෙවකාපු උන් තමයි මාලාමාවේ පොලිස් සාමූහිකයට විරුද්ධය මාධ්‍ය සාකච්ඡා තියන්නේ... ලැජ්ජයි ඕයි... ඒ මදිවට අනුරට විරුද්ධව ගෝඨා පත් කරපු පිස්සු පූසා කොමිසමෙත් හිටියා. අන්තිමේදී අභියාචනාධිකරණෙන් පිස්සු පූසා කොමිසමත් බල රහිත කළා... එහෙම පිස්සු පූසෝ තමයි මේ කළබල වෙලා ඉන්නේ...
මෙතැන පොලිස් දෙපාර්තමේන්තුවට ඒ උදවිය දේශපාලනේ ගෙනත් නැහැනේ, විශ්‍රාමිකයින්ට තමන් කැමැති දේශපාලනයක් කරන්න පුළුවන්.. ඉතින් ඔයාලා මොකටද කලබල වෙන්නේ...?
පොලිසියේ ඉන්නකොට ඔච්චරටම අපරාධ කරපු දෙන්නෙක් නම් එයාලාට විරුද්ධව නඩු දාන්නකෝ. අනිත් එක එයාලා පහළ නිලධාරීන් විදිහට ඉන්නකොට ඇයි එයාලගේ වැරැදිවලට විරුද්ධව ක්‍රියාමාර්ග ගත්තේ නැත්තේ... ?
චන්ද්‍රා ප්‍රනාන්දු.....The pot calling the kettle black
රිදිලා වගේ, ඔතැන ඉන්නවාට වඩා සෙනගක් එතැන හිටියා. අතීතය හාර හාර ගොඩට දාගෙන කන්නේ අපට රටට ආදරේට නෙවෙයි. තමන්ගේ පන්තිය ගරා වැටෙනවාට. පොලිසිය ප්‍රචන්ඩ ක්‍රියා කළේ නැද්ද 88/89 කාලේ...? තහනම් කරපු පක්ෂයක් කළ ප්‍රචන්ඩ ක්‍රියා සහ නිල ලත් රජයේ පඩි ලබන පොලීසිය කරන ප්‍රචණ්ඩ ක්‍රියා සමාන නැහැ. හරි නම් ඒ පක්ෂය අද තියෙන තැන ගැන සතුටු විය යුතුයි. එල්ටීටීය පවා ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණ වලට තරඟ කරනවා නම් සතුටු විියයුතුයි. ඔය පරණ ඒවා අදින්නේ පන්තිය ගරාවැටෙනවාට බයේ, ඕක යට රට විනාශ කළ පාලක පන්තිය ඉන්නවා...
පව් නේ.. ඇඬෙනවා.
ඕනෑම අයෙක් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් තිබේනම් කිසිම අවුලක් නැත. ජාතික ජනබලවේගයේ වේදිකාවට නැග්ගේ රාජ්‍ය සේවකයින් නොවේ විශ්‍රාමිකයන්ය. රජයට කඩේ යන චන්දා සිල්වා මහතාට අපේ ප්‍රනාමය.
රවී සෙනෙවිරත්න සහ ශානී ජාතික ජන බලවේගයට එක් වුවා යැයි කිසිම තැනක සඳහනක් නැත. ඔවුන් යුක්තිය සහ සාධරනත්වය උදෙසා කවුරුන් සමග එකතු වූවද ජනතාවට එය ප්‍රශ්නයක් වී ද නැත. අපද ජාතික ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුනු දේශපාලනය ට එකඟ නොවුනද, රවී සෙනෙවිරත්න මහතා සහ ශානී අබේසේකර මහතා යනු, අවංක, කැපවී මෙන් වැඩ කල, මහජනතාවගේ ආදරයට, ගෞරවයට පාත්‍ර වූ, දේශපාලකයන්ට කඩේ නොගිය, සැබෑ ලෙසම රාජ්‍ය සේවය බැබලවූ නිළධාරීන් යන්න එයින් අහොසී වී යන්නේද නැත. මෙසේ ඔවුන්ට මඩ ගහන්නට උත්සාහ දරන චන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු පිරිස පොලීසියේ නම අපවිත්‍ර කල, රාජපක්‍ෂලාට කඩේ ගිය අන්ත දූශිතයන් බව අප අමතක නොකල යුතුය.
මෙතන ඉන්නෙ රාජපස්ස සස්ටැඹි රාළලා මුළු පොලිස් සේවයට දේශපාලනීකරණය කරපු පංචස්කන්ධ ටිකක් !! එඩිසන් ගුණතිලක නොහොත් ගඩාෆි 88/89 කාලයේ මහව,දලදාගම, ගල්ගමුව ආදී ප්‍රදේශවල උගත් තරුණ තරුණියන් මරා පුළුස්සා දමමින් එම ප්‍රදේශ අමු සොහොනක් කලා මට අද වාගේ මතකයි!!!
දැන් මේක සංවිධානය කළේ කවුද?
නාකි බලු නගුටෝ ටිකකට මස් කට්ටක් ලැබිලා...!
මේය කොහොම අයද කියලා දන්නෝ දනිති
නකි බලු නගුටො ටිකකට මස් කට්ටක් ලැබිලා
සහතික ඇත්ත, රාජකාරි කරන සමයෙ තමන්ගෙ වෘත්තිය නොකර දැන් බිස්නස් කරන්න අනුරල එක්ක එකතු වෙලා. ජෙවිපි කට්ටිය හරි උපාසකලා. මෙතන අදහස් දාන සමහරුන්ට නම් රිදෙයි.
අනිත් පක්‍ෂ වල පස්ස හෝදන්න යන්න හොඳනම් කොයි පක්‍ෂයට ගියත් තමන්ට මොකද? කිල්ලෝට වල හුණු තියෙන පාටයි...
හෙලුවෙන්ම රාජපක්ෂලාට කඩේ ගිය එකෙක් අනිත් උන්ට ඇඟිල්ල දික්කරන හැටි . මොලේ හොඳ නැතිවෙලද මන්ද මෙච්චර අමතක වෙන්නේ
චන්දන ප්‍රනාන්දු කියන්නේ මොන වගේ මිනිහෙක් ද කියලා රටම දන්නවා. බැසිග් බලන්න ගුවන්තොටුපල යන්න හොදයි මූට, කෙලින්ම පක්ෂයට එකතු වෙන්න කොන්දක් නැති වුන්
වසර 150 ක් පමණ පැරැණි කීර්තිමත් ඉතිහාසයක් ඇති පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනයට රැගෙන ගොස් අපකීර්තියට පත් නොකර කියන ටික තමා ආතල්ම කොටස
ඇයි බං උබලා ඔච්චර බයවෙලා
රටම විනාශ කරපු කපුටා ආපු දවසේ දෙකට නැමිල දනගාගෙන වැන්දේ මේ අමන චන්ද්‍රා ප්‍රනාන්දු ,එකල පොලිස් කොමිසමේ සභාපති ,
කවුරුත් තමුන්නැහැලා කියන ඒවා පයිසෙකට ගණන් ගන්නේ නැහැ. මෙතැන කමන්ට් දාපු මහත්තයෙක් කිව්ව විදියට රට බංකලොත් කරපු බැසිල් පිළිගන්න එයාපොට් ගියා, ස්වාධීන කොමිසමක සභාපති. ඒක හරිද? ඇහුුවාම කියනවා මගේ හිතවතාලු. බැසිල් එක්ක හිතවත්කම් නම් ඉතින් සල්ලි තමයි. පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න. ළඟදීම රටේ වෙච්චි දේවලට උත්තර හදාගෙන ඉන්න. ඊට කලින් නිවන්සැප ලැබේවා....!
බළල් අතක් පිටිපස්සේ. ඒක නෙමෙයි... අර බැසිල් පිළිගන්න එයාපෝට් ගිය කෙනාත් මෙතැන ඉන්නවා නේද?