IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොලිසියේදී මියගිය තරුණයාගේ සිරුර 23 ගොඩ ගනියි

(රෝෂන් තුෂාර)

වැලිකඩ පොලිසිය බාරයේදි සිටියදි මරණයට පත් වුයේ යැයි කියන සත්සර නිමේෂ් යන තරුණයාගේ මෘත දේහය බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී ලබන 23 දින  ගොඩගෙන විශේෂ ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩල කමිටුවකින් නැවත පශ්චාද්  මරණ පරික්ෂණයක්  සිදු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා    රහස් පොලිසියට  අද(17) අවසර ලබා දුන්නේය.

රහස් පොලිසිය මෝෂන් පත්‍රයක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම අවසරය ලබා දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය ශ්‍රියන්ත අමරරත්න , කරාපිටිය රෝහලේ වෛද්‍ය පි.අර් රුවන්පුර  සහ උවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මහචාර්ය මුදිත විදාන පතිරණ  යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයට අදාල පශ්චාත් මරණ පරික්ෂණය සිදුකරන ලෙසට නොතීසීද  නිකුත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් මෝෂන් පත්‍රයක් ඉදිරිපත් කළ රහස් පොලිසිය කරුණු දක්වමින් කියා සිටියේ බදුල්ල මීගහකිවුල පදිංචි නිමේෂ් නමැති තරුණයා  පසුගිය අප්‍රේල් 01දින වැලිකඩ පොලිස් භාරයේ සිටියදී වද හිංසාවට ලක්ව මියගොස් ඇති බවට ඔහුගේ මව වන ලේකම්වසම් ලියනගේ සමන්ති යන අය විසින් දිවුරුම් පෙත්සමක් ද ඉදිරිපත් කරමින් කරන ලද පැමිණිල්ලක්  අනුව රහස් පොලිසිය  විමර්ශනයක් ආරම්භ කළ බවය.

එම විමර්ශනය  අනුව නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසට මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 09 වෙනි දින  නියෝගයක් ලබා දුන් බවත් එම නියෝගය ප්‍රකාරව නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත්,ඊට අදාළ අවසරය හා නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

අධිකරණ නියෝග පරිදි පත් කළ විශේෂ ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයේ නම් හා තනතුර  ද අධිකරණයට ඉදිරිපත් කළේය.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා මෘත ශරීරය නැවත ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කමිටුවක් මඟින් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට අවසර ලබා දුන් අතර මෘත දේහය ගොඩ ගැනීම බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදු කරන ලෙසටද නියෝග කළේය.

අදාල වෛද්‍ය පරීක්ෂණය සිදු කරන විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට  නොතීසිද නිකුත් කළේය.

විමර්ශන ප්‍රගතිය අප්‍රේල් 30 වැනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලීසියට  නියෝග කළේය



අදහස් (1)

පොලිසියේදී මියගිය තරුණයාගේ සිරුර 23 ගොඩ ගනියි

Saman Thursday, 17 April 2025 08:59 PM

මේකනම් හරිම අපරාධයක්... පවු මේ කොල්ලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 978 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site