(ඉන්දිකා රාමනායක සහ ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය)

නාරහේන්පිටල ඇල්විටිගල මාවතේ පිහිටි වෘත්තීය පුහුණු අධිකාරියේ කළමනාකාර සහකාර නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිසියේ හත් දෙනා මෙම මස 23 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ  තබන්නැයි මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මයි ෙ නියෝග කළාය.

උප පොලිස් පරීක්ෂක නදුන් නිලංග, පොලිස් සැරයන් ඉදුනිල් උදයංග බාලසුරිය, පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රදීප් කුමාර ආරියසිංහ, සංජීව සම්පත් කුසුම්සිරි, කසුන් සංජය හේරත්, අභිෂේක් පෙරේරා , තිළිණ මධුෂාන් නමැති පොලිස් නිලධාරීහු මෙලෙස රිමාන්ඩ් බාරයට නියම වුහ.

මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මෙම පිරිස  මාලිගාකන්ද අධිකරණ හමුවට ඉදිරිපත් කර තිබුණි.

සැකකරුවන්ට බන්ධනාගාර තුළදී තර්ජන එල්ල විමට ඉඩ ඇති නිසා ඔවුනට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙසට මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකරිවරයාට නියෝග කළාය.

මත්කුඩු චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෘත්තීය පුහුණු අධිකාරියේ කළමනාකාර සහකාරවරයාට පහර දීම නිසා මෙම මරණය සිදු වුයේ යැයි සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේය.