
ටෝනි කරුණානායක
දිවුලපිටිය , කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ වත්තකට අයුතු ලෙස ඇතුල්වී රුපියල් 1200 ක් වටිනා පොල් ගෙඩි 20 ක් සොරකම් කිරීම යන චෝදනා දෙකට වරදකරුවූ විත්තිකරුවකුට එක් චෝදනාවකට මාස තුන බැගින් චෝදනා දෙකට බරපතල වැඩ ඇතුව එක් වසරක සිරදඬුවමක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබදු මහත්මිය නියම කළාය .
චුදිතට පෙර වැරදි නොමැති බවට ඇගිලි සටහන් වාර්තා අනුව සනාථ වී ඇති හෙයින් නියම කළ බරපතළ වැඩ ඇතිව එක් වසරක සිර දඬුවම වසර 10 කට අත්හිටුවන ලෙසට නියම කළාය.
එම වසර දහය යහපත් කල් ක්‍රියාවෙන් ගෙවන ලෙසට චුදිතට අධිකරණයෙන් වැඩිදුරටත් නියම කෙරුණි. දිවුලපිටිය , කෙහෙල් ඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ සුමිත් රංජිත් ජයලත් නැමැති එක්දරු පියකු ට මෙසේ අත්හිටවූ සිර දඬුවම් නියම කෙරුණි.
චුදිතයා 2021 වර්ෂයේ ජනවාරි මස 31 හෝ ඊට ආසන්න දිනයකදී දිවුලපිටිය ,කෙහෙල්ඇල්ලේදී ඉහත චෝදනා සිදු කර තිබූ බවට අධිකරණයේ දී සදහන් විය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ සාහසික අපරාද කරන එවුන් එල්ලන්න තමා තියෙන්නෙ! මිනී මැරීමක් හරි, කුඩු වික්කා වගෙ පොඩි අපරාධයක් කරා නම් අවවාද කරලා නිදහස් කරන්න තිබ්බා. පෙර වැරදි නැහැ කියන එකත් අවුල්
පව්. අර දියවන්නාවේ හොරු හොරකම් කරන ඒවා මුළු රටම දන්නවා. දඩුවම් නැත. අර රත්තරං ගෙනාපු එකාට ඇප. බැංකු හොරකමේ මහ මොලකරු රටේ ජනාධිපති. මේ රටේ නම ඉන්දියන් සාගරේ අමුතු ඇටේ ශ්‍රි ලංකාවයි.
රත්තරන් කිලෝ 3ක් හොරකම් කළා නම් දඩේ විතරයි.
රුපියල් 1200/- ට වසරක සිර දඩුවම් නම්, මහා බැන්කු කොල්ලයට සතර වර්ගයාම නිවන් දක්නා ජාති දක්වා බරපතළ සිර දඩුවම් දිය යුතුව ඇත.
ඇලි සබිර් ගොල්ඩ් කිලෝ ගනනක් හොරෙන් අරන් ඇවිල්ල , පහුවදා පාර්ලිමේන්තු එකටත් ගිය ණිතිය කාටත් එකයි ද ?
මෙ වගෙ සාහසික අපර්ද කරන එව්න් එල්ලාන්න තමා තියෙන්නෙ! මිණි මැරිමක් හරි, කුඩු වික්කා වගෙ පොඩි අපරදක් කරා නම් අවවාද කරලා නිදහස් කරන්න තිබ්බා. පෙර වැරදි නහ කියන එකත් අව්ල්.
ලමා අපචාරයෙ යෙදෙන උන්ට,මිනි මරුවන්ට, කොටි ගැන වංචාකරන උන්ට නම් , අප පිට මුඩ හරෙ, මෙම් අපරාද කරුවන්ට දෙන ලිහිල් දඩුවම් නිසා තම අද මෙ අපරද රැල්ලට මුල. කැකිල්ලෙ රජුගෙ නඩු තීන්දු.
අර පර්ල් එක්ස්ප්‍රස් නැවේ නඩුව සිංගප්පූරුවල දැම්මේ ඇයි කියලා දැන් කාටත් වැටහෙනවා ඇති නේද?
ලොකූ වත්තකින් මනුස්සයෙක් කොස් ගෙඩියක් හොරකම් කෙරුවා කියලා නඩුවක් ගියා. වැරැදිකරු මාස 3ක් හිරේට ගියා. නඩුකාරතුමා කීවා හොරකමට දඬුවම මේක කියලා. නමුත් මෙයාගේ දරුපවුලට මේක අදාල නෑ. මෙයාගේ දරුපවුලට මාස තුනක වියදම කොස්ගෙඩියේ අයිතිකරුට බාරකෙරුවා...
ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වුණානම් නිදහස් ඔය පළාතේම එක් මන්ත්‍රීවරයකු තම අමාත්‍යංශයේ ලේකම්වරයාට අසභ්‍ය වචනයෙන් බැණ වැදී අත පය කඩන බවට තර්ජනය කර පුද්ගලික ඉඩමක් රජයේ මුදලින් ගොඩකර ඊට අධිකරණයේ වරද කරුව දඩමුදල්ද හිමිව එම නඩුව අභියාචනා කිරීම නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ...
මහබැංකුව හොරාකාපු අය නිදැල්ලේ... ලංකාවේ බල්ලට ගිය නීතිය තියෙන්නේ...
සුනාමියෙන් හොරාකාපු අයට අවුලක් නැහැ. පවුලේ අයව කිට්ටු කරගෙන රටම හොරාකාලා විනාශ කරලා, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරපු දූෂිත දේශපාලුවන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ...