IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


පොන්නි සම්බා ටොන් 4,331 ක් ආනයන කරයි

(යොහාන් භාසුර)

දේශීය කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස සහල් ආනයනය කිරීමට නැවත අවසන් දීමෙන් පසුව පොන්නි සම්බා සහල් මෙටි්‍රක්ටොන් 4,331 කට රේගු සටහන්කර ඉදිරිපත් කර ඇති බවත් ඉන් පොන්නි සම්බා සහල් මෙටි්‍රක්ටොන් 3,000 ක් පමණ මේ වන විට මෙරටට ආනයනය කර ඇති බවත් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ චන්දන පුංචිමෙහ්වා මහතා අද (27) ‘ලංකාදීප’යට පැවසීය.

සහල් ආනයනයට ආණ්ඩුව ආසන්නතම අවසර දීමෙන් පසුව රේගු සටහන්කර 46 කට අදාලව මෙම පොන්නි සම්බා සහල් මෙටි්‍රක්ටොන් 4,331 ක් ආනයන කිරීමට නියමිත බවත් එහි ඉතිරි සහල් තොග ද ඉදිරියේදී ලැබෙනු ඇති බවත් පුංචිහේවා මහතා කීය.


මෙම පොන්නි සම්බා සහල් සටහන්කරවලට ඇතුළත් පළමු තොගය කොළඹ වරායට පසුගිය 23 වැනිදා ළඟාවූ බවත් පසුගිය සති අන්තයේ ද සහල් තොගයක් මෙරටට ළඟාවීමට නියමිතව තිබූ බවත් රේගුව පැවසීය.

දේශීය වෙළෙඳපොළේ කාලයක් සිට පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස පසුගිය 15 වැනිදා සිට ජී.ආර්. 11 පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණි.
ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව එක් ආනයනකරුවකුට පෙන්නි සම්බා සහල් මෙටි්‍රක්ටොන් 520 ක උපරිමයකට යටත්ව ආනයනයට අවසර ලැබුණි.


මෙරට වාර්ෂික සහල් පරිභෝජනය මෙටි්‍රක්ටොන් ලක්ෂ 24ක් පමණ වන බවට ඇස්තමේන්තු කර ඇති අතර එයට කීරි සම්බා සහල් මෙටි්‍රක්ටොන් ලක්ෂ 2ක් පමණ ඇතුළත් වේ.



අදහස් (0)

පොන්නි සම්බා ටොන් 4,331 ක් ආනයන කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1516 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1345 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 484 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site