(ෂේන් සෙනෙවිරත්න)
දැනට දින 50කට ආසන්න කාලයක සිට වැඩ වර්ජනයක නිරතව සිටින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවකයන් ගලහ මංසන්ධියේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කොට තිබේ .
අද (19) පෙරවරුවේ සිට ආරම්භ කළ එම සත්‍යග්‍රහය තම වෘත්තීය අයිතීන් ලැබෙන තුරු අඛණ්ඩව පවත්වාගෙන යන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෘත්තීය සමිති බල මණ්ඩලයේ සභාපති ටී. ඒ. ඩී. සුරංජීව මහතා පැවසීය .
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ සාධාරණ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කළ මෙම වැඩවර්ජන ක්‍රියාවලියට විසඳුම් ලබාදීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ප්‍රධානීන්ට අවශ්‍යතාවයක් නොමැති බවට පෙනී යන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා අනධ්‍යන සේවකයන්ට සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබුණත් තම වෘත්තිය අයිතීන් ලැබෙන තුරු සේවයට වාර්තා නොකරන බවද සුරංජීව මහතා පැවසීය .

COMMENTS
මේ අය හොරු...
පේරාදෙණියේ තරම් හොරකම් කරන, යටිමඩි ගහන, වංචා කරන අනධ්‍යයන සේවකයෝ වෙන කොහේවත් නැතුව ඇති. අවංක සේවකයෝ කීප දෙනෙක් හිටියත් ඒ අයත් අනික් අය නිසා බැනුම් අහනවා. මේ පින්තූර කීපය ඇතුලේම නම් වශයෙන් කියන්න පුළුවන් ගේම් දෙන අන්ඩපාලයෝ හතරපස් දෙනෙක්ම ඉන්නවා. සමහර පීඨවලින් ආයතන වලින් එලවපු අය වෙන පීඨයකට ආයතනයකට රිංගා ගන්නවා. පේරාදෙණියෙන් එළවන්න ක්‍රමයක් නැති නිසා. විශ්ව විද්‍යාලයේ ප්‍රධානම නිලයක් වෙන ලේඛකාධිකාරි තාමත් ගෙදර වැඩ තහනම් වෙලා. මිනිහා විශ්ව විද්‍යාලයේ සේවකයෝ තමන්ගේ ගෙදර ගෙනිහින් වැඩට නොමිලේම කාර්යාල වෙලාවේ... වාහන වලින් ගැහිලි, ටෙන්ඩර්, මගඩි, ගොඩනැගිලි හදන ප්‍රොජෙක්ට්වලින් කොමිස්, කඩදාසි කොළයේ ඉඳලා කැම්පස් එකට ගන්න සියළුම බඩුභාණ්ඩ වලින් වෙළෙන්ඳන්ගෙන් කොමිස්. මෙකී නොකී ජාවාරම් කාරයෝ සෙනෙට් එකෙයි පීඨවලයි පිරිලා. නිලනිවාසවල එක එක බිස්නස්. ගණිකා ව්‍යාපාර පවා ඒවාගේ. උදේ ඇවිත් ඇඟිල්ල තියපු කෙනා ටිකකින් බලනකොට නෑ. බකතපස් රකිනවා දැන්..
මම පේරාදෙනියේ ශාස්ත්‍රපීඨයේ අවසන් වසර ශිෂ්‍යයෙක්. අපේ ෆැකල්ටියේ අය ගැන විතරක් නෙවෙයි, පශ්චාත් උපාධි ආයතනයේ සනාතන මන්දිරයේ, සෞඛ්‍ය මධ්‍යස්ථානයේ, පුස්තකාලයේ ඇතුළු බොහෝමයක් තැන්වල ඉන්න අනධ්‍යයන අය ගැන කියලා වැඩක් නෑ. කන්න ගියොත් තේ බොන්න ගියොත් වරුවකට එන්නේ නෑ. ළමයින්ට හෙන තග. වැඩක් කරවා ගන්න වඳින්න ඕනේ. උපකුලපතිටත් වඩා ගෙම්බර් මෙහේ ඔෆිස්වල ඉන්න එවුන්. හොරකම්, වංචා, දූෂණ වලට කප් ගහපු අය ඉන්නේ මෙහේ... ආචාර්ය මහාචාර්යවරුන්ට ගරුසරුවක් නෑ. නැති තැන කුණුහබ්බ දාලා කතා කරන්නේ එයාලා ගැන. රස්තියාදු කාරයෝ මන්ත්‍රීලාගේ ඇමැතිලාගේ ලියුම්වලට ආපු අය පිරිලා. අපට ක්ලාස් යන්නත් බෑ. එක්සෑම් නෑ. මේ සැරේ උපාධි උත්සවයත් කල් ගියා. රස්සාවලට යන්න බෑ පිටරටක ස්කූල් එකකට දාන්න බෑ... මේ පරක්කුව නිසා උපාධිය සම්පූර්ණ කරගන්න බැරුව. මොවුන් නම් පිළිලයක්. වෙන අය බඳවාගෙන කැම්පස් එක අරින්න. ඒකයි අපේ ඉල්ලීම...
මුන්ට කන්ඩ නැ වගේ මාසේ පඩිත් අරන් තවත් මදි කියනවා.. කරන වැඩක් නෑ. විශ්ව විද්‍යාල යූටියුබ්, ෆේස්බුක් යනවා විතරයි. ගහලා එලවන්න ඕනි.
රජයේ විශ්ව විද්‍යාල කටයුතු අඩපණ කොට පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවයක් රජය හා වෘත්තීය සමිතිවලට අවශ්‍ය බව පෙනේ. රටට ආදරය කරන කිසිඳු බලවේගයක් හෝ ආගමික නායකයින් ඇති බවක් නොපෙනේ. වර්ජකයින්ට කොපමණ කාලයක් ගියත් හිඟ වැටුප් ගෙවීම් ලැබේ. නමුත් අසරණ දරුවන්ගේ අනාගතය විනාශ වීමෙන් වන හානියට වන්දි ගෙවීමට සිදුවන්නේ එම දරුවන් ට පමණක් නොවේ රටේ බදු ගෙවන ජනතාවට මෙම අමතර හැම දිනයකම බර වැඩිවීම සිදුවේ. මෙවර විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට සිටින දරුවන් වෙනුවෙන් නිකුත් කිරිම සඳහා සැකසෙමින් තිබූ අත්පොතට වැයකළ මුදල දැනටමත් නාස්ති කොට ඇත. රජය හා වෘත්තීය සමිතිත් සියලු දේශපාලකයින් එක්ව රටේ ජීවනාලිය බඳු දරුවන්ගේ අනාගතය විනාශ කරන බව පෙනේ...
රෑ වෙනකොට කුරුම්බා, බිස්කට් එහෙම පාව්ච්චි කරයි.
වැටුප් වැඩිකිරීම බැහැ කියලා රජය ස්ථිරවම තීරණය දුන්නා නේද? ඔය තනතුරුවලට පත් කරන්න ඕනෑ තරම් තරුණ උගතුන් රටේ ඉන්නවා කියලත් කිව්වා නේද? ඉතින් වර්ජනය කරලා ඔහොම ගෙදරම යන්න. රජයට තව ප්‍රශ්නයක් අඩුවෙනවා.
ඔට්ටුයි උඹලා එකෙක් වත් මැරෙනකම් සත්‍යක්ග්‍රහ කරන්නේ නැතුවට.
මේ ඉල්ලීම්වලට විරුද්ධ වෙන්න මහජනතාවට අයිතිය තියෙනව. කොටසකට වැඩිපඩි දෙන්න මුලු සමාජයම වැඩිපුර බදු ගෙවන්න ඕන. එයින් බහුතරය පෞද්ගලික අංශය සහ ස්වයං රැකියාවල නිරත අය. නිසැකයෙන් ඊළඟට එන මහජන උද්ඝෝෂණ රැල්ල රාජ්‍ය සේවය කප්පාදුව සහ අනවශ්‍ය ලෙස උපාධිධාරීන්ර ජයේ රැකියාවලට ගැනීමට එරෙහිව...
හිතවතුනි, විවිධ පාර්ශවවලට කඩේ යන්නන් ලෙසින් අදහස් ප්‍රකාශ නොකර විශ්ව විද්‍යාල වැඩ වර්ජනයේ ඉල්ලීම් පිළිබඳව වගකිව යුත්තෙක්ගෙන් අහලා දැනගන්න...
ඔය ආචාර්ය මහාචාර්යවරුන් සමහරු කෝටි ගණන් පොලු තියලා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන රට පැනලා රජයට පාඩු කරලා. ඒ සල්ලි තිබුණා නම් මේ තරම් වද වෙන්න ඕන නෑ.. Special තේරෙන හැටි ගැන ඒම අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනෑ නෑ.. අපි හොඳටම දන්නවා select වෙන විදිය. ඊට පස්සේ තමයි ආචාර්ය මහාචාර්ය වෙන්නේ. අමාත්‍යාංශ හැම එකකම ලොකු තනතුරු දරන්නේත් ඔය අයම තමයි.. කෝ දැන් රට දියුණු වුණාද? පළමු වසරේ ඉඳන් අවංකව වෙහෙසිලා වැඩකරන කී දෙනාද ආචාර්ය දක්වා යන්නේ.. ලකුණු අඩුයි කියලා ලෙක්චර් ළඟ අඬලාත් ලකුණු වැඩි කරගන්න ක්‍රම තියෙනවා. පහුගිය කාලේ ඔය දරුවන්ගේ ඉවතලන අපද්‍රව්‍ය බාල්දි ගණන් අල්ලලා දුන්නා නේද..? විශ්ව විද්‍යාලයට ප්‍රවේශවන දරුවන් ගැනකී දෙනෙක් සියදිවි හානි කරගන්නවාද..? මරනවාද...? අතහැර යනවැද..? විශ්ව විද්‍යාලය කියන්නේ ශ්‍රාස්ත පීඨයයි, සෞඛ්‍ය මධ්‍යස්ථානයි විතරක් නෙමේ..