
(කේෂර ගුණතිලක)
මොනරාගල කුඹුක්කන්ඔයේ ජලපිම්ම පැනීමේ පුහුණුවේ යෙදී සිටියදී තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යුදහමුදාවේ උප ලුතිනන්වරයකු අද අලුයම මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කිරිඳිවැල මිල්ලතේ ගිහාන් සංජුල ද සිල්වා (23) නැමති උප ලුතිනන්වරයෙකි.
මාදුරුඔය යුදහමුදා පුහුණු පාසලේ පුහුණුව ලබමින් සිටියදී ජලපිම්ම පැනීමේ පුහුණුවට ඉකුත් සැප්තැම්බර් 20 වෙනි දින සහභාගී වී සිටියදී තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට මාරුකර සිටියදී මෙලෙස මියගොස් ඇත.
මොනරාගල වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ජානක රත්නසිරි මහතා පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම කනගාටුදායක පුවතක්. රටට බොහෝ කාලයක් සෙවය කරන්ට කැපවුනු තරුන නිලදාරියෙකු රටට අහිමි උනා. ඔහුගෙ පවුලෙ අයට මගෙ බලවත් ශොකය ප්‍රකාශ කරමි. ඔහුට නිවන් සුව ප්‍රාර්තනා කරමි.