
(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය දිවුලන්කඩවල ප්රදේශයේ සංගීත ප්රසංගයකට පැමිණි ගායකයකු ගීත ගායනය නොකර වේදිකාවෙන් බැස යාම හේතුවෙන් කෝපයට පත්වූ රසිකයන් පිරිසක් එම ස්ථානයේ තිබූ දේපළවලට හානි කර ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
සංගීත කණ්ඩායමේ සංගීත භාණ්ඩ, ආලෝක කණු, ශබ්ද විකාශන යන්ත්ර, කැනපි, පුටු ආදී දේපළ රැසකට මෙසේ හානි කර ඇති අතර සිදුවූ රුපියල් කෝටි 3 කට අධික බව පොලිසිය සදහන් කරයි.
මෙම සංගීත ප්රසංගය සංවිධානය කළ සංවිධායක මණ්ඩලය විවිධ ගායකයන් මෙම ප්රසංගයට පැමිණෙන බවට ප්රචාරය කර තිබිණි.
මෙම සංගීත ප්රසංගයට මැදිරිගිරිය, කන්තලේ, දඹුල්ල, හබරණ, පොලොන්නරුව ප්රදේශවලින් පමණක් නොව ගම්පහ, කුරුණෑගල ආදී දුර ප්රදේශවලින් ද බොහෝ දෙනා පැමිණ සිට ඇත.




COMMENTS
ඔහොම විනාශකාරී වඳුරෝ වගේ හැසිරෙන්නේ නම් වඳුරෝ ගණන් කරන්න උපදෙස් දුන් අය.
1500,2500 සහ 5000 ටිකට් විකිණි ඉවරයි...
බයියන්ට මොන සංගීත රසයක්ද? ඒ වුනාට කකුල් දෙකෙන් සිංදු අහන එක එකපාර නතර වුනාම හරි නෑ නේද ...
ගායකයගෙ ගුණාත්මක බව, ෆැන් බේස් එකෙන් බලන්න පුලුවන් වුණ අවස්ථාවක් මේක
සත්තුන්ට සින්දු කියන්න ගියාම උන් හැසිරෙන්නේ ඔහොම තමයි .
අපේ සුබපැතුම්. ඔය පැත්තෙ පොලවෙන් මතු වුණු එවුන් ඉන්නෙ. ආයෙ අහන්න දෙයක් නෑ ඉතිං බ්ලාස්ට්ම තමා. බ්ලාස්ට් එකක් වෙන්න ඇරලා මකබාස් වගේ බලා ඉන්නත්, "මාත් ඒක දැනගත්තෙ පත්තරෙන්" කියන්නත් ඔය පොලවෙන් උපන් මාර දක්ෂයි.
ප්ලාස්ටික් පුටුවලට දෙනවාලු අලුත් බේසමක්
රටේ බහුතර බලය මැදිරිගිරියේ නැවත වරක් පෙන්නුවා .