IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පුංචි ඡන්දෙ නාමයෝජනා අවලංගු කරන්න යයි

(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාල නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරි සති කිහිපයේදී ඉදිරිපත් කරන බව  රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන  අබේරත්න මහතා ප්‍රකාශ කළේය.

පරණ නාම යෝජනා අහෝසි කිරීමෙන්,   2022 වසරෙන් පසු අලුතින් එක්වූ ඡන්ද  දායකයන් ලක්ෂ දහයකට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසෙන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

එම නීති  සංශෝධන නීතිපති දෙපාර්තමේන්තුවට පළමුවෙන්ම යොමු කිරීමට නියමිතය.

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා වලංගු කිරීමට අදාල නීති සංශෝධන ක්‍රියාවලිය ආරම්භ කළ බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව එම කටයුතු සිදු කරයි.

පළාත් පාලන ආයතන 340 ක් සඳහා අපේක්ෂකයන් 8,711ක්  තෝරා ගැනීම වෙනුවෙන්  පළාත් පාලන මැතිවරණයට  පසුගිය වසරේ   අප්‍රේල් මාසයේදී නාමයෝජනා කැඳවනු ලැබූ අතර,  ඊට අපේක්ෂකයෝ 80,672 දෙනෙක්  ඉදිරිපත්ව  සිටියහ.

මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් සඳහා මෙම පිරිස  ඉදිරිපත් වී සිටිති.පළාත් පාලන මැතිවරණ සඳහා නාම යෝජනා බාර දුන් පිරිස අතර රාජ්‍ය සේවකයෝ තුන්දහසක පමණ පිරිසක් ද සිටිති. කෙසේ වෙතත්  නාම යෝජනා දුන් මෙම පිරිසෙන් අටදහසක පමණ පිරිසක් විදේශගත වී හෝ මියගොස් හෝ  සිටින බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.



අදහස් (0)

පුංචි ඡන්දෙ නාමයෝජනා අවලංගු කරන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site