
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා විධිවිධාන සැලසෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැනුම් දීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (14) සිකුරාදා පෙරවරුවේ පැවැත්වේ.
මෙම රැස්වීම පැවැත්වෙන්නේ අගමැතිනී අාචාර්්‍ය හරිනි අමරසූරිය මෙනවිය කළ දැන්වීමකට අනුවය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදය ලබන 17 වැනිදා සදුදා සවස 2.00 සිට රාත්‍රී 7.00 දක්වා පැවැත්වීමට නියමිතය.
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මතවී කතානායකවරයා ඊට සහතිකය සටහන් කිරීමෙන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
එසේම මෙම පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවද හෙට (14) රැස්වීමට නියමිතය.
2025 නොවැම්බර් මස 17
75
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
906
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2530
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පුංචි ඡන්දයේ උසාවි මතය හෙට මැතිසබයට