IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පිස්සු නටන දේශපාලන පිරිසකට මැතිසභා කමිටුවෙන් රතු එළියක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කන්කසන්තුරේ  තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර  පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ  තර්ජනයක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තොරතුරු අනාවරණයවිය.

මුලින් පැමිණියේ කුඩා පිරිසක් වුවත් කල් ගතවන විට එය හතළිහක් පමණ පිරිසක් දක්වා වර්ධනයවී  ඇතැයිද   කාරක සභාව පෙන්වා දෙයි.

මේ අතර මෙම විහාරස්ථානයේ   පෞද්ගලික ඉඩම් පවතී නම් එම ඉඩම් හිමියන්ට ඒ ආසන්නයෙන් වෙනත් ඉඩම් ලබා දෙන ලෙසත්  ඉඩම මායිමට පෞද්ගලික ඉඩම් අයත්වී  ඇත්නම් ඒවා නිදහස් කිරීමට කටයුතු කරන ලෙසත් කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරයේ ඉඩම සම්බන්ධයෙන් පවතින ගැටලු කෙරෙහි ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී  දැඩි අවධානය යොමු විය.



අදහස් (7)

පිස්සු නටන දේශපාලන පිරිසකට මැතිසභා කමිටුවෙන් රතු එළියක්

saman Thursday, 28 March 2024 12:27 PM

අනුන්ගේ තැන්වල අටවාගෙන දැන් "ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක්" මරු

:       50       7

චන්දන Thursday, 28 March 2024 05:45 PM

රජ මහා විහාරස්ථාන අනුන්ගේ වෙන්නේ කොහොමද? උතුරු, නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීමේ වැඩ පිළිවෙළ ඉතා ප්‍රසිද්ධ දෙයක්...

:       0       23

Prabha Thursday, 28 March 2024 06:28 PM

හරි වැරැද්ද බලන්නේ නැතිව සුළු ජාතියට ආවඩන එක අලුත්ම ට්‍රෙන්ඩ් එක වෙලා.

:       0       19

Prabha Thursday, 28 March 2024 02:02 PM

රජමහා විහාරයක් නම් කොහොමද අනුන්ගේ ඉඩමක තියෙන්නේ

:       2       53

chandima Thursday, 28 March 2024 08:05 PM

රතු එලි වලට නවත්තන රටක්ද මේ ලංකාව.රාළහාමිලා මැදට පැනලා ඇත දැම්මත් රාලහාමිව යට කරගෙන යනවා අහලා නැතිද ?

:       0       2

kotiya Friday, 29 March 2024 12:10 AM

රජමහා විහාරේ පෞද්ගලික ඉඩමක නෙවෙයි, රජමහා විහාරේ ඉඩම් හොරෙන් අල්ල ගත්ත උන් දැන් ඒවාට අයිතිවාසිකම් කියනවා. කාඅලවරෝද නීතිය අනුව උන් පෙන්නන්නේ යුද්ධේ තිබ්බ අවුරුදු 30ම උන් ඒ ඉඩම් භුක්තිවින්දා ඒ නිසා උන්ට අයින් වෙන්න බෑ කියලා. දැන්වත් ඔය ප්‍රභාකරන්ගේ අහවල් එක ලෙව කන එක නවත්තපල්ලා....

:       0       4

chandima Friday, 29 March 2024 04:16 AM

ඒ පළාතේ බෞද්ධයෝ නැතිනම් ගල් කණුවක් දැකපු පලියට පන්සල් අටවගන්න එපා.ඒකෙන් වෙන්නේ ජාතික සංහිඳියාවට මාර ප්‍රශ්නයක්

:       6       1

ඔබේ අදහස් එවන්න

දියත

නිලධාරි හිඟයෙන් විගණනය කොටඋඩ
2024 අප්‍රේල් මස 27 57 0

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත.


අනුර කුමාරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්
2024 අප්‍රේල් මස 27 569 2

ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.


මහරගමිනුත් කුඩු හමුවේ
2024 අප්‍රේල් මස 27 405 0

රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.


ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්
2024 අප්‍රේල් මස 27 1343 2

ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස


’’රනිල්ට ඉඩ දෙමු’’
2024 අප්‍රේල් මස 27 1997 13

’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.


ඇමරිකා නැවකට ’’වැටෙන් එහා’’ සිට කන්න දෙයි
2024 අප්‍රේල් මස 27 2530 1

ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 353 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1743 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1575 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site