IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


නිලධාරි හිඟයෙන් විගණනය කොටඋඩ

(සුජිත් හේවාජුලිගේ )

නිලධාරීන්ගේ  උග්‍ර  හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ  විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත.

විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක්  බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

භාෂා පරිවර්තකයන්ගේ හිඟය හේතුවෙන් විගණන වාර්තා නිකුත් කිරීමද පමාවී ඇතැයි  එහි නිලධාරීහු පෙන්වා දෙති.

නිලධාරී හිඟය හේතුවෙන් විෂය පථයන් සීමා කර වැඩ කිරීමට සිදුව ඇතැයිද එම නිලධාරීහු සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් අප රජයේ විගණකාධිපති  ඩබ්ලිව්.පී.සී   වික්‍රමරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ විගණන නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් විගණන කටයුතුවලට බාධා මතුව ඇති බවයි.

විගණන අධිකාරීවරුන් 165 දෙනකු සහ විගණන නිලධාරින් 465 දෙනකු බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බව පැවසූ වික්‍රමරත්න මහතා විගණන නිලධාරී පුරප්පාඩු සඳහා අයදුම්පත් හයසීයක් පමණ ලැබී ඇතැයිද ප්‍රකාශ කළේය.


 



අදහස් (5)

නිලධාරි හිඟයෙන් විගණනය කොටඋඩ

Rata Perata Saturday, 27 April 2024 03:52 PM

ඡන්ද වලට වගේම ඔය වැඩේටත් සල්ලි නැති වෙයි.

:       0       3

kotiya Saturday, 27 April 2024 04:59 PM

පුරප්පාඩු 630ට අයදුම් පත්‍ර ලැබිලා තියෙන්නේ 600යි. ඔක්කෝම බඳවා ගත්තත් පුරප්පාඩු 30ක් ඉතුරුයි. අපි යවපු අයදුම්පත්‍ර ලැබුණා කියලාවත් දැනුම්දීමක් නෑ...

:       0       5

ravin Saturday, 27 April 2024 04:59 PM

හරියට විගණනය කළොත් හොරකම් ටික හෙළිවෙනවා. එතකොට බඩගෙඩි ටිකට මොකද වෙන්නේ? රට පාලුවන්ගේ පැවැත්ම උදෙසා විගණන නිලධාරීන් බඳවා ගැනීම නොකෙරේ...!

:       0       4

රනේ Saturday, 27 April 2024 06:07 PM

මොනවද අනේ කොටඋඩ නැත්තේ...?

:       0       2

Ruwan Sunday, 28 April 2024 07:54 PM

විගණන නිලධාරීන්ව එම දෙපාර්තමේන්තුව තුළ තියාගන්නට කටයුතු කළේ නෑ. බහුතරයක් රට අතෑරලා ගියා. ලොක්කෝ කැමැති නෑ... පොඩි අයට දෙයක් දෙන්න... ඒ නිසා කලකිරීලා දෙපාර්තමේන්තුව හැරගිය නිලධාරීන් බොහෝමයි. කවදාවත් වැඩකරන අයට තැන් දුන්නේ නෑ. වැඩ නොකරන ශරීර හොරුන් තමා කොතැනත් රජ කළේ. විගණන යටත් වුනේ එක...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය එළියට
2024 මැයි මස 09 274 0

ඇමේරිකාවේදී ලබන ජූනි 1 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද (9) පස්වරුවේ නිවේදනය කළේය.


ලක්ෂ දෙකේ කප්පම් සිද්ධියට පොලිසියේ දෙකක් රිමාන්ඩ්
2024 මැයි මස 09 391 0

තරුණියක සමග හෝටලයක සිටි තරුණයකු බිය ගන්වා රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව


වෛද්‍ය විජිත් ගුණසේකර 20 තෙක් රිමාන්ඩ්
2024 මැයි මස 09 289 1

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම


‘‘විපක්ෂයේ වෛරි දේශපාලනය ප්‍රදර්ශනය කළා‘‘
2024 මැයි මස 09 1218 7

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණයක් පැවැති බවත් මන්ත්‍රී ධූරය නැති කිරීමෙන් වෛරී දේශපාලන ප්‍රදර්ශනය කළ බවත් සමඟි ජන බලවේගයේ හි


ලොකු ලූණු මිල පහළට
2024 මැයි මස 09 939 3

ලොකු ලූණු මිල පහළ වැටී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති.


දහතුන් වසරට අමාත්‍ය මණ්ඩල සංයුතිය 111 වතාවක් මාරු වෙලා
2024 මැයි මස 09 232 1

ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය 2010 සිට 2023 වසර දක්වා කාලය තුළ වාර 111 ක් වෙනස් වී ඇතැයි වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන්ත ද මෙල් මහතා ශ්‍ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 569 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2045 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1799 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site