
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පියාට අමානුෂික ලෙස පහර දුන් අසල්වැසියන්ට පිස්තෝලයක් පෙන්වා මරණ තර්ජනය කිරීමේ චෝදනාවට උප පොලිස් පරික්ෂකවරයකු අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ පොලිස් අපරාධ කොඨටාසයට අනුයුක්තව රාජකාරි කරනු ලබන ආණමඩුව ධර්මපාල ප්‍රදේශයෙ පදිංචි උප පොලිස් පරික්ෂකවරයකු බව කියයි.
අත් අඩංගුවට ගනු ලැබ ඇති උප පොලිස් පරික්ෂකවරයාගේ සමෘද්ධි නියාමක පියාට අසල්වැසියන් පිරිසක් පසුගිය 7 දින කිසියම් ආරවුලක් හේතුවෙන් අමානුෂීක ලෙස පහර දීමේන් පසු කෝපයට පත් උප පොලිස් පරික්ෂකවරයා තම පියාට පහර දීමට සම්බන්ධ අසල්වැසි නිවෙස් වෙත පිස්තෝලයක් රැගෙන ගොස් මරණ තර්ජනය කරමින් පහර දීමක් සිදුකර ඇති බව මේ වන විට සිදුකල මූලික විමර්ශන වලදි අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.