
(අංජුල මහික වීරරත්න)
පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.
නමුත් පිල්ලෙයාන් අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ මිනිමැරුමක් සම්බන්ධයෙන් බව කී මන්ත්‍රීවරයා වත්මන් ආණ්ඩුව විසින් ඉවත් කරන බව කියු ත්‍රස්ත මර්දන පනත යටතේ පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ යැයි කීය.
පිල්ලෙයාන්ගේ වරදක් තිබෙනවා නම් ඔහුට දඩුවම් ලබාදිය යුතු නමුත් ත්‍රස්ත මර්දන පනතින් නැතිව රටේ සාමාන්‍ය නිතිය අනුව ඔහු අත්අඩංගුවට ගන්න තිබූ බවද නලින් බණ්ඩාර මහතා පැවසීය.
ආණ්ඩුව ඔවුන්ගේ නොහැකියාව , අසමත්භාවය , අකාර්යක්ෂමභාවය වසා ගැනිමට තවමත් පරණ බොරු වලින් ජනතාව මුලාවට පත් කරන්න උත්සාහ ගනිමින් සිටින බවද මන්ත්‍රීවරයා කීය.
කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් නලින් බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
පිල්ලෙයාන් වෙනුවෙන් පෙනීසිටින මේ මහත්තුරු එදා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටියද? ඇයි මේ බොහෝ දෙනෙක් කලබල වෙලා...?
ඉතින් අපිට මොකද?
ඇයි කළබල වෙලා....... පිල්ලයාන්ට වැඩිය බයවෙලා තියෙන්නේ වටේ ඉන්න අය. ත්‍රස්තවාදියෙක්ව අත්අඩංගුවට ගන්න බැරි නම් ත්‍රස්ත්‍ර මර්දනය පනත අහවල් කෙන්ගෙඩියකටද ?
කාදිනල්තුමා සහ කොටින්ව සනසන්න එපැයි නේද අනුර...!!
හොරාට කළින් කෙසෙල්කන වැට පැනලා වගේ නලිනෝ...
අපිට පාන්ද? ඔයාට අවුලක් නැතිනම් කට වහගෙන ඉන්න.
පුදුම කැක්කුමක්නේ මේ අයට තියෙන්නේ... පිල්ලෙයාන් ගැන. ඉතිං මිනී මැරුමකට සම්බන්ධ නම් අත්අඩංගුවට ගැනීම වරදක් නෙමෙයි නේ නේද? බණ්ඩාර මහත්තයෝ....!
මොහු විජය සමග පැමිණි පස්වැනි බෝට්ටුවේ අයෙක්... බංගලි, තෙළෙඟු මුහුණක් තියෙන්නේ. අපි නම් මලබාර් වගේ... අනේ මන්දා.
පිල්ලෙයාන් කරපු වැරැද්ද තමයි ත්‍රස්ථවාදයට විරුද්ධ වීම. කොටි කවදාවත් කතෝලික පල්ලි වලට ගැහුවේ නෑනේ. මොකද ප්‍රභාකරන් කතෝලික. ඒකනේ තාමත් කතෝලික පූජකවරු ප්‍රභාකරන් සමරන්නේ නොවැම්බර්වවල...
පිල්ලයාන්ව අත්අඩංගුවට ගත්තේ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙක් ඝාතනය සම්බන්ධයෙන් බව මේ රටේ ඕනෑම මෝඩයෙක් දන්නවා. එම ඝාතනයට "රාජ්‍ය ත්‍රස්තවාදය" සම්බන්ධයක් පවතින බවට සැක කරන නිසා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගන්නත් මේ රටේ නීති සැකසිලා තියනවා... ඒකට, මෙතරම්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීලා කුලප්පුවී සිටින්නේ පාස්කු ප්‍රහාරයටත් මොහුගේ සම්බන්ධතාවයක් ඇති බව හා ඒ පිළිබඳව විශේෂ තොරතුරක් මොහු දන්නා නිසා බව නම් දැන් ඉතින් ඕනෑම මෝඩයෙකුට අවබෝධ වී හමාරයි..."කට පියාගෙන සිටින තාක්, මොඩයාත් ඥානවන්තයෙකු" ලෙස සිටීමට හැකිවෙන නිසා, ඔය කාගේ කාගේත් හැකර කටවල් වහගෙන හිටියොත් නම්බු පිටින් තව දුරටත් මේ රටේ දේශපාලනය කරගෙන යා හැකියි. පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන්ට හා ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාටම ශාප වේවා!
ප්‍රභාකරන් හිටියා නම් මේ අය ඔහුගේ පැත්තත් ගන්නවා. මොකද ඔහුගෙනූත් මේ අය වැඩ අරගෙන තියෙන නිසා.