
(රෝෂන් තුෂාර)
උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි කියන පියුමි හංසමාලී නිරූපිකාව මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08 පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා රහස් පොලිසියට අවසර ලබා දුන්නේ දුන්නේය.
රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් අනුව බැංකු වාර්තා කැඳවීමට මෙසේ නියෝග නිකුත් කළේය.
‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා කළ පැමිණිල්ලක් අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා සහ උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
කොළඹ හිල්ටන් රෙසිඩන්ට් හි පදිංචි පියුමී හංසමාලි රුපියල් ලක්ෂය අටසීයකට රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් මිලදී ගැනීම,කොළඹ හත නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148ක නිවසක් මිලදී ගැනීම,කෙටි කාලයක් තුළදී ප්‍රධාන බැංකු අටක පවත්වාගෙන යන බැංකු ගිණුම් 19 හරහා කෝටි ගණනක් මුදල් තැන්පත් කිරීම ඇතුළු සැක සහිත ලෙස දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.
2011 අංක 40 දරණ පනතින් සංශෝධිත 2006 අංක 6 දරණ මුදල් විසුද්ධි කරන පනත යටතේ මෙම විමර්ශනය සිදු කරන අතර රහස් පොලිසය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාවරයා බැංකු ගිණුම් වාර්තා කැඳවීමට පොලිසියට අවසර ලබා දෙමින් විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා පැමිණිල්ල බහා තැබීය.
COMMENTS
අප්පොච්චි ඇතුළු මැදමුලන වලව්වේ අප්පොලාගේ කලුසල්ලි සුදු කරන නිරූපිකාව නැවතත් සංදර්ශන කරලියට ඇවිල්ලා බොලං . හැබැයි තව ටික දවසකින් නිදොස් කොට නිදහස්. ඔන්න දැම්මම කිව්වා.
එයාගෙ ආශ්‍රය ලොකු ලොකු අයත් එක්ක . බේරෙන්න තියෙන ඉඩකඩ වැඩියි .
ඇයි පියුමිගේ දේපල විතරක් විශේෂයෙන් හොයන්නේ.දූෂිත දේශපාලුවන් ජනතාවගෙන් හොරා කාපු කෝටි ගණන් මුදල් ගැන හොයන්න කවුරුත් නෑ ?බයද ?
රජයක් හෝ පවතින නීති ක්‍රියාත්මක කරන ආයතන හැටියට හොඳටම පමා වැඩියි.කිසිම රඟපෑමක් නොකරන වෙනත් කිසිදු ප්‍රසිද්ධ ව්‍යාපාරයක් ද නොකරන මොවුන් පරිහරණය කරන්නේ කෝටි ගණන්. උපන්දින පාටිවලට අඳින්නෙ රත්තරන් ඇඳුම් . මේවා ගැන ඕනම රජයක් හොයලා බලන්න ඕන.කුඩුද ,N.G.O. ද , පාතාල සම්බන්ධතා ද කියලා කවුද දන්නෙ
වැඩක් නෑ මල්ලී... මෙයාලා ඔක්කොම යාළුවෝ...
කොමෙන්ටු කොටන්නන් වැඩි දෙනෙක් මෙම නිරුපිකාව සමග කොතරම් නම් ඉරිසියාවකින් පෙලෙන්නන්ද යනවග ඒවා කියවන විට දැනේ. කෙසේ වෙතත්, මැයට මෙතරම් මුදල් ප්‍රමාණයක් ලැබෙන්නේ කෙසේදැයි සොයා බැලීම යහපත් ය.
මටත් සල්ලි තිබ්බානම් කීය දීලා හරි එයාව ගන්නවා. ව්‍යාපාර කරලා නැහිලා සල්ලි හොයන්න ඕනෑ නැහැ. ලංකාවේ හිඟන්නෝ පස්සේ යන්න ඕන නැහැ. පිට රට රවුමක් ගිහිල්ලා ආපුවාම විදේශ විනිමය.
ඔක්කෝටම වඩා ලේසිම දේ තමයි දුප්පත් ජනතාවගෙන් බදු ගසා හූරා ගැනීම. දේශපාලනයට සම්බන්ධ අයගෙන් බදු ගහන්න නම් ආණ්ඩු වෙනසක් වෙන්නම ඕනෑ.
මෙවැනි අය අපි අරක්ෂා කළ යුතුයි. රටට ජනතාවට බරක් නැතිව රටට මුදල් හොයලා දෙනවා. හොද ව්‍යාපාරිකාවක්. පිට රටවල නම් රජයෙන් විවිධ සහන දිරි ගැන්වීම් ලබා දෙනවා. අපේ රටේ තියෙන්නේ ඉරිසියාව කුහකකම නැගිටින මිනිහාගේ කකුලෙන් අදිනවා. ඉතින් කොහොමද රටක් ගොඩයන්නේ. එයාට කියන්න ආදායම් බදු ලිපි ගොනුවක් අරන් කරන්න කියලා. ටින් අන්කයක් ගන්න කියලා. සරලයි.
රජයේ බැංකුවල තැන්පත් මහජන මුදල් රුපියල් කෝටී දහස් ගාණකට පොලු තියපු දේශපාලකයින් සහ ව්‍යාපාරකයින් ටිකදෙනා ගැන සොයා බලා ඒ උදවියගේ දේපල වෙන්දේසි කර හෝ එම මුදල් නැවත ජනතා සුබ සිද්ධියට යෙදෙව්වා නම් රටට හොඳ කලක් යාවි...
තිලිණි පියුමාලිට කරපු දේමයි මෙයාටත් කරන්නේ. අනිවාර්යයෙන් නිදොස්කොට නිදහස් කරනවා.
මෙකෙ වෑරද්ද පියුමිගේද ? මේ රටේ බැංකු දේශීය ආදායම් දෙපර්තමේන්තුව නිදාගෙනද හිටියේ. ගිණුම් වලට මුදල් එද්දි බැංකු විසින් අනිවාරියෙන් දේශීය ආදායම් දෙපර්තමේන්තුව දෙන්න ඕනී. සිවිල් පුද්ගලයෙක් උසාවි යන්න ඔනි නෑ.
පියුමි නිරූපණ ක්ෂේත්‍රයට ඇවිල්ලත් අවුරුදු 10ක් වත් නෑ. හැබැයි එච්චර ජනප්‍රිය කෙනෙකුත් නෙමෙයි ඔයිට වඩා ජනප්‍රිය අය ඉන්නවා හැබැයි ඔච්චර සල්ලි නම් නෑ. කොරෝනා එකට පස්සේ තමයි මෙයා ලොකුවට ධනවතෙක් වුනේ ඉස්සර යන්නේ බස් එකේ, ත්‍රිවිල් එකේ හරීන්ව සෙට්වුනාට පස්සේ තමා වාහනයක් ගත්තේ. ඔය ඔක්කෝම රාජපක්ෂ කළු සල්ලි සුදු කරන මෙෂින් තමයි. අවුරා ලංකා වුණත් මිස්ටර් කොත්තු වුණත් අශේන් බික වුනත් රාජපක්ෂ තමයි
එයා සුදු වෙන්න ක්‍රීම් විකුණනවා විශාල ව්‍යාපාරයක් ඒක. ඔන්ලයින් විකුණන්නේ අපේ නංගිලා සුදු වෙන්න ඕන තරම් වියදම් කරනවා නේ
රන්ජට කඩේ යන උන් මතක් උනා.අනේ ලංකාවේ මෝඩ හැත්ත
එයාලා ඔක්කෝම හරි යාලුවෝ මල්ලි.. තව ඕන තරම් හොයනවා නම් ඉන්නවා රටේ