
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව පැය 9 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන සටහන් කරගත් බව වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.
රුපියල් කෝටි හයකට අධික වටිනා කුශ් හා කොකේන් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරු වෙකු ගේ නාවල දෙමහල් නිවසේ ගරාජයේ තිබී නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මහත්මියගේ නමට ලියාපදිංචි කරන ලද බීඑම් ඩබ්ලිව් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් විසින් ඉකුත් ජුලි මස 5 වෙනිදින පොලිස් භාරයට ගැනිණි.
ඒ සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශන වලදී එම මෝටර් රථය පියුමි හංසමාලි නමැත්තියගෙන් මිලදී ගත් බවට අනාවරණය වී තිබිණි.
සියුමි හංසමාලි එම මෝටර් රථය මිලදී ගැනීමට මුදල් උපයා ගත් ආකාරය සහ ඇය විසින් අලෙවි කරනු ලබන සම පැහැපත් කරන ආලේපනවලින් ප්‍රශ්න සහගත ලෙස අධික මුදලක් උපයා ගැනීම සම්බන්ධයෙන් ඇයව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වෙලාව හවස 1යි. කීයටද පටන් ගත්තේ?
කවුරුවත් සතුටුවෙන්න ඉක්මන්වෙන්න එපා, මෙයා මේකෙන් ලස්සනට නිදහස් වෙනවා. කවුරු රජ වුණත් මේ සිරිලංකාව කියලා අමතක කරන්න එපා...!
ලක්විදු, එහෙම නොවෙන තැනට වග බලාගන්න ජනතාවට පුළුවන්... පාර්ලිමේන්තුවට සුදුසු නියෝජිතයින් පත් කිරිම මහජනතාවගේ වගකීමක් නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න පුළුවන් දක්ෂ නිලධාරීන් පිරිසක් ඉන්න බව අමතක කරන්න එපා
මෙදාපාර බේරගන්න ගෝඨාභය නැතෝ...!