IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි  හංසමාලි  හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව්  මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව පැය 9 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන සටහන් කරගත් බව වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.

රුපියල් කෝටි හයකට අධික වටිනා  කුශ් හා කොකේන්  ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරු වෙකු ගේ නාවල දෙමහල් නිවසේ ගරාජයේ තිබී නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මහත්මියගේ නමට ලියාපදිංචි කරන ලද බීඑම් ඩබ්ලිව් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක්  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ  නිලධාරින් විසින් ඉකුත් ජුලි මස 5 වෙනිදින පොලිස් භාරයට ගැනිණි.

ඒ සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශන වලදී එම මෝටර් රථය පියුමි හංසමාලි නමැත්තියගෙන් මිලදී ගත් බවට අනාවරණය වී තිබිණි.

සියුමි හංසමාලි   එම මෝටර් රථය මිලදී ගැනීමට මුදල් උපයා ගත් ආකාරය සහ ඇය විසින් අලෙවි කරනු ලබන සම පැහැපත් කරන ආලේපනවලින් ප්‍රශ්න සහගත ලෙස අධික මුදලක් උපයා ගැනීම සම්බන්ධයෙන්  ඇයව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබිණි

 

 

 



අදහස් (4)

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි

sukitha Sunday, 06 October 2024 01:38 PM

දැන් වෙලාව හවස 1යි. කීයටද පටන් ගත්තේ?

:       11       16

ලක්විදු Sunday, 06 October 2024 03:42 PM

කවුරුවත් සතුටුවෙන්න ඉක්මන්වෙන්න එපා, මෙයා මේකෙන් ලස්සනට නිදහස් වෙනවා. කවුරු රජ වුණත් මේ සිරිලංකාව කියලා අමතක කරන්න එපා...!

:       37       35

maalaka Monday, 07 October 2024 06:32 AM

ලක්විදු, එහෙම නොවෙන තැනට වග බලාගන්න ජනතාවට පුළුවන්... පාර්ලිමේන්තුවට සුදුසු නියෝජිතයින් පත් කිරිම මහජනතාවගේ වගකීමක් නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න පුළුවන් දක්ෂ නිලධාරීන් පිරිසක් ඉන්න බව අමතක කරන්න එපා

:       0       3

fairoos Monday, 07 October 2024 11:28 AM

මෙදාපාර බේරගන්න ගෝඨාභය නැතෝ...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 58 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site