IMG-LOGO

පාස්පෝට් කාර්යාලයට නව පොලිස් මුරපොළක්

(යොහාන් භාසුර)

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිනෙන ජනතාව ආරක්ෂාව සඳහා සහ ජනතාවට සහාය සඳහා නව පොලිස් මුරපොලක් ස්ථාපිත කිරීමට තීරණය කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යය ආනන්ද විජේපාල මහතා   පැවසීය.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යය ආනන්ද විජේපාල මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී සාකච්ඡාවේදී එසේ පැවසීය.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ පැන නැගී ඇති විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර යෝජිත 24 පැය සේවා සැපයීමේ ක්‍රියාවලිය සහ දිගුකාලීන විසඳුම් කෙරෙහි අවධානය යොමු විය.

පසුගිය සමයේ ගෙන තිබූ අදූරදර්ශී ක්‍රියාකලාපයන් නිසා පැන නැගී තිබූ අර්බුදකාරී තත්වය හේතුවෙන් ජනතාව දිවා රෑ පුරා දුක් විඳින බවත් එවැනි පීඩාවක් ජනතාවට ඇති නොවන පරිදි ජනතාවට සේවය කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙම අර්බුදයට පිළියම් ලෙස පසුගිය සතියේ විද්වත් කමිටු නිර්දේශ පරිදි දිනකදී නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය වැඩි කිරීමටත්, යාපනය ප්‍රදේශය තුළ නව ආගමන හා විගමන කාර්යාලයක් ආරම්භ කිරීමටත්, එම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කාර්යමණ්ඩල සපයා ගැනීම සඳහා වන අමාත්‍යමණ්ඩල තීරණය රාජ්‍ය සේවා කොමිසමට යොමුකර ඇති බවත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතිය නුදුරේදී ලබා ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

යෝජිත 24 පැය විදේශ ගමන් බලපත්‍ර සේවා සැපයීමේ ක්‍රියාවලියේදී සේවා මුර 03ක් යටතේ නිලධාරීන් සේවා සැපයීමේ නිරත වීමටත්, අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලයේ නිලධාරීන් රාජ්‍ය සේවය තුළින්ම සහ විශ්‍රාමික පුහුණු නිලධාරීන් යෙදවීම කෙරෙහිත් අවධානය යොමුව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හට අමාත්‍යවරයා වෙත තම ගැටළු ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වූ අතර විදෙස්ගමන් බලපත්‍ර ලබා දීමේදී තමන්ට මතු වන ගැටලු පිලිබඳව මෙහිදී අදාල නිලධාරීන් විසින්  අමාත්‍යවරයා දැනුවත් කළ අතර එම ගැටලු සඳහා අවශ්‍ය විසඳුම් ලබා දෙන බවද  අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර සිටියේය.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, වැඩ බලන ආගමන හා විගමන පාලක ජනරාල් නිලූෂා බාලසූරිය යන මහත්ව මහත්මීහු සහ  ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.



අදහස් (5)

පාස්පෝට් කාර්යාලයට නව පොලිස් මුරපොළක්

WCA Saturday, 08 February 2025 04:02 PM

ඕක ලේසි නැද්ද හමුදා කෑම්ප් එකකට අරන් ගියොත්? ඔය මිනිස්සුන්ගේ ආරක්ෂාවට නෙවෙයිනේ ඔය හදන්නේ...!

:       7       90

de silva Saturday, 08 February 2025 05:11 PM

මේ ප්‍රශ්න ගැන විවධ පුවත් පළවුණා හැම අවස්ථාව වගේ ශිෆ්ට් 3 බැරි නම් 2 හරි දමලා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිකරුනේ කාලය ගතකරන නිලධාරීන් යොදවලා මේක කරන්න කියලා මම මේ තීරුවේ ලියනවා මාස 6 පමණ සිට දැන්ද විජේපලට මොලේ පෑදුනේ , කරුණාකර රටේ සියලුම පළාත්වල ඔය පාස්පෝර්ට් මුද්‍රණය කිරීම කරන්න පුළුවන් කාර්යාලය බැගින් ස්ථාපිත කරන්න. ඒවා එම කාර්යාල හරහා කරගන්නා ලෙස ජනතාව දැනුවත් කරන්න... කොළඹ කාර්යාලයේ බස්නාහිර පළාතේ ඒවා පමණක් කරන්න.. නිකන් මිනිස්සු රස්තියාදු නොකර, ඔය පොලිස් මුරපල දමන්න ඇත්තේ ඉදිරියේදී ඇතිවිය හැකි ජනතාවගේ ප්‍රහාර වලින් දුෂිත නිලධාරීන් ආරක්ෂා කරගන්න මිසක් මිනිස්සුන්ගේ ආරක්ෂාවට නොවේ..

:       5       65

රුවන් Saturday, 08 February 2025 05:14 PM

ඒක හොඳ දෙයක්, දුර බැහැර ඉඳන් එන මිනිස්සුන්ව විවිධ වංචනිකයින් ග්‍රහණයට ගන්න තැනක් ඔතැන. මගේ යාළුවෙක්ටත් සුද්දයක් දැම්මා. පොලිසිය ඉන්න ඕනේ තැනක් ඔතැන...

:       16       24

Lalla Sunday, 09 February 2025 11:04 AM

සුද්දෙ දමන්න තැරැව්කාරයෝ දාන්න ඇතුලේ කට්ටිය හවුල්.. දැනටත් ජරාව කාලා පාස්පෝට් දවසෙන් දෙකෙන් දෙනවා.. බොරලැස්ගමුවේ රියැදුරු බලපත් අංශය මීට නොදෙවෙනි අපායක්. කට්ටියක් රූප පෙට්ටිය බල බලා ඔහේ නිකම්ම කාලය කනවා. මිනිස්සු පෝලිම්වල වද විඳිනවා... මේ විසිඑක්වන සියවසේ ලාංකික රාජ්‍ය සේවය...

:       0       15

mangala Monday, 10 February 2025 05:08 AM

කරුණාකරලා සංචාරක වීසා එක දින 30, 60, 90 වශයෙන් වෙන් කරලා ඩොලර් 30 හෝ 50 සිට ඉහළට දින 90 දක්වා මිල නියම කර එකවර නිකුත් කරන්න. එවිට සංචාරකයින් කොළඹ රස්තියාදු වෙන්න අවශ්‍ය නැහැ. දින 30ක් ඉන්න කෙනා දින 30 වීසා එක ගනියි, දින 60ක් හෝ 90 ක් ඉන්න කෙනා ඒ අවශ්‍ය දින ගණනට වීසා ගාස්තු ගෙවලා ඒ වීසා ගනීවි. සංචාරකයෙක් කොළඹ එන්න කැමති නැහැ රස්තියාදු වෙන්න. ලංකාවට මිලියන 40ක් ගෙන්වාගන්න උවමනාවක් තියෙනවා නම් සංචාරකයින්ව රස්තියාදු කරන එක නවත්තන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 450 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 888 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site