IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


පාසල් වල කුඩු අල්ලන මෙහෙයුම් වලට පොලිස් නිල සුනඛයන්

(අංජුල මහික වීරරත්න)

පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය සෝදිසි මෙහෙයුම් හා පරීක්ෂා කිරීම් සඳහා පොලිස් නිල සුනඛයින්ගේ සහය අවශ්‍ය වන්නේ නම් අදාල පාසලේ විදුහල්පති හෝ විදුහල්පතිනිය විසින් ශ්‍රී ලංකා පොලිසියේ නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සමඟ සම්බන්ධවී අවශ්‍ය සහය ලබා ගැනීමට හැකියාව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධව දීපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන '' රටම එකට " ජාතික මෙහෙවර යටතේ මෙම මෙහෙයුම් සිදු කෙරෙයි. 

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සෘජු දායකත්වයක් දක්වන අතර පාසල් ළමුන් ඉලක්ක කරගෙන සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම මුලින් උපුටා දැමීම සඳහා සෑම අයුරින්ම පොලිසිය විසින් පාසල් කේන්ද්‍ර කරගනිමින් විවිධ වැඩසටහන් ආරම්භ කර ඇතැයි මාධ්‍ය කොට්ඨාසය කියයි.

අධ්‍යක්ෂ පොලිස් නිල සුනඛ කොට්ඨාසය-071-8591816, 081-2233429 දුරකතන අංක වලින් විමසා පාසල් වලට අදාල සහයන් ලබාගත හැකි බවද මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.



අදහස් (2)

පාසල් වල කුඩු අල්ලන මෙහෙයුම් වලට පොලිස් නිල සුනඛයන්

සෙනෙවිරත්න Friday, 07 November 2025 11:14 AM

මාලිමාවේ ප්‍රින්සිපල්ලා, ගුරුවරුන්ව මුලින්ම චෙක් කරන්න. ඉස්සෙල්ලාම බඩු හම්බුවෙන්නේ ඒ ගොල්ලන්ට...

:       1       3

අතුල Friday, 07 November 2025 03:55 PM

ගුවන් තොටුපොල හරහා කිලෝ 20-30 ගේනවා. 100 දෙනෙක් ගෙනාවොත්. එක්කෙනෙක් දෙන්නෙක් අහු වෙනවා. ඉව සුනඛයින් දවසට පැය කිහිපයක් වත් යෙදෙව්වොත්, මේක නවත්වන්න පුළුවන්. මොකද ගුවනින් රැගෙන එන මගියාට දෙපාරක් හිතන්න වෙනවා, ගේනවාද/ නැද්ද කියලා. ලෝකයේ බහුතරයක් දියුණු රටවල්වල ඉව සුනඛයින් ගුවන් තොටුපොල, තැපෑල, වරාය ආශ්‍රිතව යොදවනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 282 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2117 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1611 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site