
(සුනිල් එස් තන්ත්‍රිආරච්චි )
අධිකරණයෙන් ලද රැඳවුම් නියෝග මත කළුතර ,කොහොලාන ,සිරිසඳවත්තේ පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථානයක රඳවා සිටි වයස අවුරුදු 12 ක් හා 14 ක්වූ ළමුන් දෙදෙනෙකු ඊයේ (23) පළා ගොස් ඇතැයි දකුණු කළුතර පොලිසිය කියයි .
එම මධ්‍යස්ථානයේ පාලිකාව මේ ගැන පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
මොවුන් එදින මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිරිසිදු කිරීමේ කටයුතුවල යොදවා සිටි බවත් වැසිකිලි යෑමට යැයි පවසා ප්‍රධාන ගොඩනැගිල්ල දෙසට ගොස් ඇති මොවුන් එහි නොගොස් පළා ගොස් ඇති බවත් ඇය පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන්වේ .
COMMENTS
පාලිකාව කොහාට හරි ගෙදරක් වැඩට දෙදෙනාම වික්කාද දන්නේ නැහැ. කරුණාකර ඒ අයගේ ක්‍රියාකාරකම් දෙස බලන්න. බොහෝ දුරට, මේ දරුවන් දෙදෙනා රවටා, ඔවුන්ගේ ගෙදර යාමට සලසා දෙන්නම් කියා ඔවුන්ගේ හිත අරගෙන ,පාලිකාවම වාහනයක් එළියේ තියලා එලියට ගිය ගමන් ඒකේ නැගලා යන්න කියලා කියන්න ඇති. කරුණා කර පාලිකාව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්න. මේක අයගේ උප්පරවැට්ටියක්