(සුජිත් හේවාජුලිගේ)
ප්‍රංශය එංගලන්තය ඇතුළු යුරෝපා රටවලට පැනගිය මෙරට ප්‍රධාන පෙළේ පාතාලකරුවන් දස දෙනකු දේශපාලන රැකවරණ ලබා ගැනීම හේතුවෙන් ඒ රටවල නීතිය අනුව මෙරටට ගෙන්වා ගැනීමට අසීරු තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.
කංජිපානි ඉම්රාන්, කුඩු අංජු, රොටඹ අමිල සහ රූබන් ආදීහු යුරෝපයට මෙසේ පැනගොස් සිටින පාතාලකරුවෝ වෙති.
රත්මලානේ කුඩු අංජු ප්‍රංශයේදී අත්අඩංගුවට ගත්තද මෙරටට භාර නොදුන් අතර ඔහු මේ වනවිට එරට දේශපාලන රැකවරණ ලබා සිටි.
ප්‍රබල පාතාල අපරාධකරුවන් බොහෝ දෙනෙකු එංගලන්තය, ප්‍රංශය, රුසියාව, ඉතාලිය, ඔස්ට්‍රියාව ආදී යුරෝපීය රටවලට සංක්‍රමණය වී ඇතිබවත් රත්ගම විදුර, කොස්ගොඩ සුජී, ලාල්, අන්නාසි මොරිල්, මොහොමඩ් සිද්ධික් වැනි මත්කුඩු ජාවාරමේ නිරත ප්‍රබල පාතාල අපරාධකරුවන් රැසක්ද දැනට සිටින්නේ යුරෝපීය රටවල බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් අප මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ යුරෝපීය රටවල සිටින පාතාලකරුවන් පිරිසක් දේශපාලන රැකවරණ ලබා ගැනීම හේතුවෙන් මෙරටට ගෙන්වා ගැනීමේ විශාල අභියෝගයක් මතුව ඇති බවයි.
මේ අනුව යුරෝපයට පැන ගොස් සිටින පාතාලයන් සම්බන්ධයෙන් රජයට වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවනු ඇතැයි විචාරකයෝ සඳහන් කරති.
පාතාල නායකයකුවූ ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් නේපාලයේදී අත්අඩංගුවට ගනු ලැබූ ඉෂාරා සෙව්වන්දි නමැත්තියද එසේ අත්අඩංගුවට ගැනීමට පෙර යුරෝපයේ රටකට පැනයාමේ උත්සාහයක් තිබී ඇතැයි අනාවරණය වී ඇත. ඇය එසේ යුරෝපයට පැන ගියා නම් දේශපාලන රැකවරණ හේතුවෙන් අත්අඩංගුවට ගැනීමේ ගැටලුවක් අනිවාර්යයෙන්ම මතුවීමට ඉඩ තිබූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.
බොහෝ යුරෝපා රටවල රටකින් රටකට සැකකරුවන් භාරදීමේ ක්‍රියාවලිය නැතහොත් උදර්පණය බලාත්මක නොවන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.
2025 ඔක්තෝබර් මස 08
1431
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1300
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
470
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාතාල කෙරුමෝ දහයකට යුරෝපයේ රැකවරණ: කුදලාගෙන ඒම ගැටළුවක්
Prabath Saturday, 25 October 2025 03:41 PM
කන්ජිපානිව රටින් පිටකරපු අයව අල්ලන්න බැරිද?
Rasika Saturday, 25 October 2025 04:07 PM
මේක නම් මේ අය ආරක්ශා කරන්න කියන විශාල බොරුවක්. අපරාධ කරුවන් බව ඔප්පුවුනොත් නිකම්ම අසයිලම් තත්වය නැතිවෙනවා. ප්‍රතිභා මහතාත් දැනගෙන බොරු කියනවාදැයි සැකයි
Nandana Saturday, 25 October 2025 04:19 PM
මේ වගේ අපතයෙක්ට ඇප ලබාදුන් අයවත් අත්අඩංගුවට ගන්න. එතකොට ගත්තු කෙනා වමාරයි.
Nissanka Saturday, 25 October 2025 04:44 PM
බොරුවක් තමයි මේක නම් ඉතින්. කලිනුත් ඒ රටවල් වලින් පාතාලයො අහු වුනාම එව්වනේ. එහෙම තියාගෙන ඉන්නේ නෑ. නිකන් චාටු කතා කියන්නෙ නැතුව දැන් ආන්ඩුවේ පාතාල වැඩ කරන නිසා ගෙන්නන්න හිත දෙන්නෙ නෑ කිව්වා නම් ඉවරනේ.
fairoos Saturday, 25 October 2025 05:40 PM
දෙයියෝ සාක්කි කිව්වලු...
sene Saturday, 25 October 2025 05:42 PM
රසිකා ඔබ හරි දේශපාලන රැකවරණය තුළ රතු වරෙන්තු ඈයෝ ආරක්ෂා වෙන්නේ නැහැ. කාටදෝ වම දකුණ වැරැදිලා වගේනේ....